Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 2:18 - සිංහල කාලීන පරිවර්තනය

18 දහම් නීතියෙන් ගුරුහරුකම් ලද බැවින්, උන්වහන්සේගේ කැමැත්ත කුමක් ද කියාත්, පිළිගත යුතු වඩා උතුම් දේ කවරේ ද කියාත් ඔබ දනී නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔබ උන් වහන්සේගේ කැමැත්ත දන්නහු ය; ඔබ ව්‍යවස්ථාවෙහි ඉගෙනීම ලැබ හරි දෙය අනුමත කරන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔබ උන් වහන්සේගේ කැමැත්ත දන්නහු ය; ඔබ ව්‍යවස්ථාවෙහි ඉගෙනීම ලැබ හරි දෙය අනුමත කරන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 ව්‍යවස්ථාවෙන් උගන්වනු ලැබ, උන්වහන්සේගේ කැමැත්ත දැන, වඩා උතුම් කාරණා මොනවාදැයි විමසා බලන්නෙහිනම්, නුඹ දැනගැනීමේද සැබෑකමේද විලාසය ව්‍යවස්ථාවෙන් ලැබ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 2:18
19 හුවමාරු යොමු  

ඒ හැම දේ විමසා බලා, හොඳ දේ වැලඳගන්න.


එබැවින් යමෙක්, කළ යුතු හරි දේ දැන, ඒ දේ නො කරන්නේ නම් එයම ඔහුට පාපයකි.


ඒ, වඩා උතුම් දේ කවරේදැයි වටහා ගැනීමට ඔබට හැකි වන පිණිස ය. එවිට ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා පවිත්‍රව, නො කැළැල්ව සිටිමින්,


එහෙත් ඝන ආහාර, හොඳ-නරක තෝරා බේරා ගැනීමට පුරුද්දෙන් නිති පුහුණු වූ මේරූ අය සඳහා ය.


මන්ද පෙර දවස්හි ලියන ලද සියල්ල, ලියනු ලැබ ඇත්තේ අපට උපදෙස් පිණිස ය. ඉවසීම මඟින් හා ශුද්ධ ලියවිලි දිරිගැන්වීම් මඟින් අපට බලාපොරොත්තුව ඇති වන පිණිස ය.


දැන් ඔබ මේවා දන්නා නිසා, ඔබ ඒවා පිළිපදිනවා නම් ඔබ භාග්‍යවන්තයි.


“තම ස්වාමියාගේ කැමැත්ත දැන, ඒ අනුව සූදානම් නො වූ, ස්වාමියාගේ කැමැත්ත ලෙස කටයුතු නො කළ එම සේවකයා දැඩිව පහර කනු ඇත.


ඔබට උගන්වන ලද දෑ පිළිබඳ නියත අවබෝධයක් එමඟින් ඔබට ලැබිය හැකි බැවිනි.


තවද මේ ගැන ඔබට සහතික නම්, එනම් අන්ධයනට ඔබ මඟ පෙන්වන්නෙක් ද අඳුරේ සිටින්නන්ට පහනක් ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්