එහෙත් උන් වහන්සේ කතා කරමින්, “මිත්‍රය, ඔබ කෙරෙහි නඩුකාරයෙකු, නොහොත් දේපළ බෙදන්නෙකු කොට මා පත් කෙළේ කවරෙක් දැ”යි ඔහුගෙන් ඇසූ සේක.
රෝම 2:1 - Sinhala New Revised Version 2018 එබැවින් අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරෙක් වුව ද, ඔබේ නිදහසට උත්තරයක් ඔබට නැත. මන්ද, අන් කෙනෙකු විනිශ්චය කරන විට ඔහු කරන දේ ම ඔබ ද කරන නිසා ඔබ වරදකරුවෙකු බවට තීන්දු වී සිටින්නෙහි ය. Sinhala New Revised Version එබැවින් අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරෙක් වුව ද, ඔබේ නිදහසට උත්තරයක් ඔබට නැත. මන්ද, අන් කෙනෙකු විනිශ්චය කරන විට ඔහු කරන දේ ම ඔබ ද කරන නිසා ඔබ වරදකරුවෙකු බවට තීන්දු වී සිටින්නෙහි ය. සිංහල කාලීන පරිවර්තනය එබැවින්, එම්බා මනුෂ්‍යය, අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරකුටවත්, නිදහසට කරුණු නැත. මන්ද අන්‍යයකුට තීන්දුව දෙන කල, ඔබ තමන්ම වරදකරුවකු ලෙස තීන්දු කරගනී. මන්ද විනිශ්චයකරු වූ ඔබ ද ඒ දේම කරන බැවිනි. Sinhala Revised Old Version එබැවින් විනිශ්චයකරන මනුෂ්‍යය, නුඹ කවරෙක් වුවත් නිරුත්තරව සිටිනෙහිය. මක්නිසාද යමක් ගැන නුඹ අනිකෙකු විනිශ්චයකෙරෙහිද, නුඹම එම දේවල් කරන නිසා නුඹටම වරද තබාගන්නෙහිය. |
එහෙත් උන් වහන්සේ කතා කරමින්, “මිත්‍රය, ඔබ කෙරෙහි නඩුකාරයෙකු, නොහොත් දේපළ බෙදන්නෙකු කොට මා පත් කෙළේ කවරෙක් දැ”යි ඔහුගෙන් ඇසූ සේක.
එවිට ඔහු කතා කොට, ‘නපුරු දාසය, ඔබේ ම වචනවලින් ඔබ විනිශ්චය කරමි. මා නුදුන් දෙය ගන්නා වූ, නොවපුළ දෙය කපන්නා වූ, දැඩි සිතක් ඇති කෙනෙකු බව ඔබ දැන සිටියෙහි ය.
“අනුන් විනිශ්චය නොකරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේ; සමාව දෙන්න; එවිට ඔබට ද සමාව දෙනු ලැබේ.
ඔබගේ පෞද්ගලික මත දෙවියන් වහන්සේත්, ඔබත් අතර තබාගන්න. තමා හරි යයි පිළිගන්නා දේ ගැන යමෙකුගේ සිත දොස් නොකියයි නම් ඒ මිනිසා වාසනාවන්තයෙකි.
ඔබ එබඳු දේ කරන්නන් විනිශ්චය කරමින්, ඔබත් එම දේ ම කරන්නෙහි නම්, ඔබ දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් බේරෙනු ඇතැ යි සිතන්නෙහි ද?
හොඳයි, එසේ නම්, ජුදෙව්වරුන් වන අප විජාතීන්ට වඩා උසස් ද? කොහෙත් ම නැත. ජුදෙව්වරුන් ද විජාතීන් ද යන දෙපක්ෂය ම පාපයේ බලයට යටත් වී ඇතැ යි අපි කලින් පෙන්වා දුනිමු.
අනේ ඇත්තට ම, මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ සමඟ එකට එක කීමට තරම් කවරෙක් ද? “මා මෙසේ තැනුවේ මන්දැ”යි මැටි බඳුන එය තැනූ කුම්භකාරයාට කියනු ඇද් ද?
එබැවින් සමිඳාණන් වහන්සේ එන තුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන් වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණුවා, සිත් සතන්හි අදහස් හෙළි කරන සේක. එවිට හැම දෙනෙක් ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති.
ඔබ කිතුනු භාර්යාවක් නම් ඔබ තම ස්වාමි පුරුෂයාගේ ගැළවීම සලසනු විය හැකි ය. ඔබ කිතුනු ස්වාමි පුරුෂයෙක් නම් ඔබ තම භාර්යාවගේ ගැළවීම සලසනු විය හැකි ය.
සහෝදරයෙනි, එකිනෙකාට විරුද්ධ ව ඕපාදූප නොදොඩන්න. සහෝදරයෙකුට විරුද්ධ ව ඕපාදූප කියන්නා, නැතහොත් තමාගේ සහෝදරයා විනිශ්චය කරන්නා ව්‍යවස්ථාවට අපහාස කරන්නේ ය; ව්‍යවස්ථාව විනිශ්චය කරන්නේ ය. ඉදින් ඔබ ව්‍යවස්ථාව විනිශ්චය කරන්නෙහි නම්, ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නෙක් නොව එය විනිශ්චය කරන්නෙකි.