ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රූත් 3:13 - Sinhala New Revised Version 2018

පහන් වන තුරු මෙහි සිටින්න. උදේ ඒ මිනිසා ඔබ රැකබලාගැනීමේ වගකීම භාරගන්නට සතුටු වුවහොත් මැනවි. ඊට ඔහු අකමැති වුවහොත්, මා එම වගකීම භාර ගන්න බවට ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පහන් වන තුරු මෙහි සිටින්න. උදේ ඒ මිනිසා ඔබ රැකබලාගැනීමේ වගකීම භාරගන්නට සතුටු වුවහොත් මැනවි. ඊට ඔහු අකමැති වුවහොත්, මා එම වගකීම භාර ගන්න බවට ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අද රෑට පමාවෙන්න, හෙට උදය ඔහු නෑයෙකුගේ යුතුකම නුඹට කළොත් යහපති. ඔහු නෑයෙකුගේ යුතුකම ඉෂ්ටකෙරේවා. නුමුත් නෑයෙකුගේ යුතුකම නුඹට ඉෂ්ටකරන්ට ඔහු අකැමැතිනම් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම එය ඉෂ්ටකරන්නෙමි. පහන්වනතෙක් නිදාගන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න



රූත් 3:13
11 හුවමාරු යොමු  

ඔව්හු මාගේ සෙනඟට බාල් දෙවියා ගැන දිවුරන්නට ඉගැන්වූ පරිදි, මාගේ සෙනඟගේ දහම් මඟ මුළු සිතින් පිළිගෙන, ‘ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ය’ කියා මාගේ නමින් දිවුරන්නට ඉගෙනගන්නෝ නම්, ඔව්හු ද මාගේ සෙනඟගේ කොටසක් වී සමෘද්ධිමත් වන්නෝ ය.


සැබෑ ලෙසත්, යුතු ලෙසත්, අවංක ලෙසත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නෙහි නම්, සියලු ජාතීහු නුඹ ආසිරිලත් අයුරින් ආසිරි පතා මට ප්‍රශංසා කරන්නෝ ය.”


මා කොරින්තියට නාවේ ඔබට ඇති අනුකම්පාව නිසා බවට, හද පත්ලෙන් දිවුරමින්, දෙවියන් වහන්සේ මාගේ සාක්ෂිකරු වශයෙන් මම කැඳවමි.


සැබැවින් ම මනුෂ්‍යයෝ තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙකුගේ නාමයෙන් දිවුරති. ඔවුන්ගේ සියලු වාද විවාද නිමාවකට ගෙනෙන්නේ දිවුරා දෙන සහතිකයකිනි.


ගිඩියොන් ද, “ඔව්හු මාගේ සහෝදරයෝ ය, මාගේ මෑණියන්ගේ පුත්‍රයෝ ය. ඔබ ඔවුන් නොමැරුවහු නම්, මමත් ඔබ නොමරමි යි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි”යි කීවේ ය.


එවිට නයෝමි ලේලිට කතා කරමින්, “ජීවමාන අයටත්, දැනට මිය ගොස් සිටින අයටත් වූ පොරොන්දු ඉටු කරන සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කරන සේක් වා! ඒ මිනිසා අපේ නෑයෙකි. අපේ ඇවැස්ස නෑයෙකි”යි කීවා ය.


මා ඔබේ ඇවැස්ස නෑයෙකු බව ඇත්තයි. එහෙත්, මට වඩා කිට්ටු තවත් ඇවැස්ස නෑයෙක් ඔබට ඇත.


බෝවස් තවදුරටත් කතා කරමින්, “නයෝමිගෙන් එය මිලයට ගන්න දවසේ දී, මෝවබ් ජාතික වැන්දඹුව වන රූත් ද ඔබ පෙළවහ කොට ගත යුතු ය. එසේ කළ යුත්තේ ඇගේ මියගිය පුරුෂයාගේ කුඹුර එම පවුලට ම උරුම වන පිණිස ය”යි ද කී ය.


එයට ඇවැස්ස නෑයා උත්තර දෙමින්, “කාරණය එසේ නම්, මම කුඹුර මිලයට ගැනීමට මාගේ අයිතිවාසිකම යොදවන්නේ නැත. එසේ කළොත් මාගේ උරුමයන් නැති වන්නට ඉඩ තිබේ. කුඹුර මිලේ‍ට ගැනීමට මට ඇති අයිතිවාසිකම ඔබට ම භාර කරමි. මට එය උවමනා නැතැ”යි කී ය.