රූත් 2:7 - Sinhala New Revised Version 2018 ‘ගොයම් කපන්නන් පස්සේ ගොසින් කරල් අහුලාගන්න දැ’යි ඈ මාගෙන් ඇසුවා ය. ඈ අලුයම සිට මේ වන තෙක් විවේක නොගෙන කරල් අහුලමින් සිටින්නී ය.” Sinhala New Revised Version ‘ගොයම් කපන්නන් පස්සේ ගොසින් කරල් අහුලාගන්න දැ’යි ඈ මාගෙන් ඇසුවා ය. ඈ අලුයම සිට මේ වන තෙක් විවේක නොගෙන කරල් අහුලමින් සිටින්නී ය.” Sinhala Revised Old Version මෑ: ගොයම් කපන්නන් පස්සේ ගොයම් මිටි අතරේ කරල් ඇහිඳ එකතුකරන්ට මට අවසර ලැබේවයි කියා ඇවිත් ගෙයි ටිකක් ප්‍රමාදවුණා මිසක් උදය පටන් මේ වන තුරු කරල් ඇහිඳිමින් සිටින්නීයයි කීවේය. |
තම කටයුතු ගැන දස්කම් පාන මනුෂ්‍යයෙක් සිටී නම්, ඔහු පොදු ජනයා අතර නොව රජුන් අබියස වැජඹෙනු ඇත.
ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.
ඒ නිසා යහපත කිරීමට මැළි නොවෙමු. මන්ද, මන්දෝත්සාහී නුවූවොත් අපි යථා කාලයේ දී අස්වැන්න නෙළාගන්නෙමු.
මෝවබ් ජාතික රූත් නයෝමිට කතා කොට, “අස්වැන්න එකතු කරන අයගෙන් මඟ හැරෙන කරල් එකතු කරගැනීමට ඉඩ දෙන මිනිසෙකු පසුපස යන්නට මට අවසර දෙන්නැ”යි කීවා ය. නයෝමි උත්තර දෙමින්, “හොඳයි, යන්න දුව” කියා ඇයට අවසර දුන්නා ය.
එවිට රූත් කතා කරමින්, “එපමණක් නොව, ‘ගොයම් කපා හමාර වනතෙක් සේවකයන් සමඟ වැඩ කරන්නැ’යි ඔහු මට කීවේ යැ”යි නැන්දම්මාට කීවා ය.
එවිට බෝවස් රූත්ට මෙසේ කී ය: “මාගේ දියණිය, මට ඇහුම්කන් දෙන්න, මේ කෙතෙහි හැර වෙන කිසි තැනක කරල් අහුලන්නට නොයන්න. මෙහි නැවතී මාගේ සේවිකාවන් සමඟ වැඩ කරන්න.