Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රූත් 2:7 - Sinhala New Revised Version

7 ‘ගොයම් කපන්නන් පස්සේ ගොසින් කරල් අහුලාගන්න දැ’යි ඈ මාගෙන් ඇසුවා ය. ඈ අලුයම සිට මේ වන තෙක් විවේක නොගෙන කරල් අහුලමින් සිටින්නී ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ‘ගොයම් කපන්නන් පස්සේ ගොසින් කරල් අහුලාගන්න දැ’යි ඈ මාගෙන් ඇසුවා ය. ඈ අලුයම සිට මේ වන තෙක් විවේක නොගෙන කරල් අහුලමින් සිටින්නී ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 මෑ: ගොයම් කපන්නන් පස්සේ ගොයම් මිටි අතරේ කරල් ඇහිඳ එකතුකරන්ට මට අවසර ලැබේවයි කියා ඇවිත් ගෙයි ටිකක් ප්‍රමාදවුණා මිසක් උදය පටන් මේ වන තුරු කරල් ඇහිඳිමින් සිටින්නීයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රූත් 2:7
14 හුවමාරු යොමු  

තම කටයුතු ගැන දස්කම් පාන මනුෂ්‍යයෙක් සිටී නම්, ඔහු පොදු ජනයා අතර නොව රජුන් අබියස වැජඹෙනු ඇත.


දිළිඳා නම් බැගෑපත් ව අයැදියි; ධනවතා නම් රළු පිළිතුරක් දෙයි.


දේව ගරුබිය ප්‍රඥාවේ පාසලකි; යටහත්පහත්කම ගරු බුහුමන් ලැබීමට මඟකි.


අලස අය ආසා වුවත් කිසිත් නොලබති; ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති.


ක්‍රිස්තුන් වහන්සේට ඇති ගෞරවය නිසා එකිනෙකාට යටත් වන්න.


ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.


ඒ නිසා යහපත කිරීමට මැළි නොවෙමු. මන්ද, මන්දෝත්සාහී නුවූවොත් අපි යථා කාලයේ දී අස්වැන්න නෙළාගන්නෙමු.


අලසකමින් තොර ව, කාර්යශීලී වන්න; උද්‍යෝගිමත් හදකින් සමිඳාණන් වහන්සේට සේවය කරන්න;


“බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.


මෝවබ් ජාතික රූත් නයෝමිට කතා කොට, “අස්වැන්න එකතු කරන අයගෙන් මඟ හැරෙන කරල් එකතු කරගැනීමට ඉඩ දෙන මිනිසෙකු පසුපස යන්නට මට අවසර දෙන්නැ”යි කීවා ය. නයෝමි උත්තර දෙමින්, “හොඳයි, යන්න දුව” කියා ඇයට අවසර දුන්නා ය.


සේවකයා උත්තර දෙමින් මෙසේ කී ය: “ඒ මෝවබ් දේශයෙන් නයෝමි සමඟ ආ මෝවබ් ජාතික තරුණිය ය.


එවිට බෝවස් රූත්ට මෙසේ කී ය: “මාගේ දියණිය, මට ඇහුම්කන් දෙන්න, මේ කෙතෙහි හැර වෙන කිසි තැනක කරල් අහුලන්නට නොයන්න. මෙහි නැවතී මාගේ සේවිකාවන් සමඟ වැඩ කරන්න.


එවිට රූත් කතා කරමින්, “එපමණක් නොව, ‘ගොයම් කපා හමාර වනතෙක් සේවකයන් සමඟ වැඩ කරන්නැ’යි ඔහු මට කීවේ යැ”යි නැන්දම්මාට කීවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්