තමාගේ විපත්ති කාලය කවදා එයි දැ යි මිනිසා නොදනියි. හදිසියේ දැලකට අසු වන මසුන් මෙන් ද මලපතකට අසු වන පක්ෂීන් මෙන් ද ඔහු බලාපොරොත්තු නොවන වේලාවක දුර්භාග්‍යයකට අසු වේ.
යොෂුවා 8:14 - Sinhala New Revised Version 2018 ආයි රජු එය දුටු කල ඔහු සහ නගර වැසියන් වන ඔහුගේ මුළු සෙනඟත් කඩිනමින් අලුයම නැඟිට, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස බෑවුමට ඉදිරියේ පිහිටි අරබා සමභූමියට පිටත් ව ගියෝ ය. එහෙත්, නගරයට එහායින් තමාට විරුද්ධ ව සමූහයක් සැඟවී සිටින බව ඔහු නොදැන සිටියේ ය. Sinhala New Revised Version ආයි රජු එය දුටු කල ඔහු සහ නගර වැසියන් වන ඔහුගේ මුළු සෙනඟත් කඩිනමින් අලුයම නැඟිට, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස බෑවුමට ඉදිරියේ පිහිටි අරබා සමභූමියට පිටත් ව ගියෝ ය. එහෙත්, නගරයට එහායින් තමාට විරුද්ධ ව සමූහයක් සැඟවී සිටින බව ඔහු නොදැන සිටියේ ය. Sinhala Revised Old Version තවද හායි රජු එය දුටු කල ඔහු සහ නුවර මනුෂ්‍යයෝ වන ඔහුගේ මුළු සෙනඟත් ඉක්මන්කර අලුයම නැගිට, ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට අරබා සමභූමිය ඉදිරිපිට නියම ස්ථානයට පිටත්ව ගියෝය; එහෙත් නුවරට එහායින් තමාට විරුද්ධව සමූහයක් සැඟවී ඉන්න බව ඔහු නොදැන සිටියේය. |
තමාගේ විපත්ති කාලය කවදා එයි දැ යි මිනිසා නොදනියි. හදිසියේ දැලකට අසු වන මසුන් මෙන් ද මලපතකට අසු වන පක්ෂීන් මෙන් ද ඔහු බලාපොරොත්තු නොවන වේලාවක දුර්භාග්‍යයකට අසු වේ.
ශොවන් නගරයේ අධිපතීහු අන්ත මෝඩයෝ ය. මිසරයේ නැණවත් උපදේශකයෝ අමන උපදෙස් දෙති. පුරාණ පණ්ඩිතයන්ගෙන් ද රජවරුන්ගෙන් ද තමන් පැවත එති යි ඔවුන් රජතුමාට කියන්නේ කෙසේ ද?
ශොවන් හා මෙම්පිස් නගරවල අධිපතියෝ අඥානයෝ ය. තමන් ජාතියට මඟ පෙන්වනු ඇතැ යි සිතූ ඔවුන් ජාතිය නොමඟ යවා ඇත.
ජල ගැල්ම පැමිණ සියල්ලන් ගසා ගෙන යන තුරු ඔව්හු කිසිවක් නොදත්හ; මනුෂ්‍ය-පුත්‍රයාණන්ගේ පුනරාගමනය ද එලෙස ම වනු ඇත.
ජොර්දාන් ගඟින් මෙගොඩ පාළුකරයේ දී මෝසෙස් සියලු ඉශ්රායෙල් ජනයා අමතා කී වචන මේ ය. මොවුන් සිටියේ සූප් නම් ස්ථානය ඉදිරිපිට, පාරාන් ද තොපෙල් ද ලාබාආන් ද හශේරොත් සහ දී-සාහාබ් ද යන නගරවලට මැදි වූ මිටියාවතෙහි ය.
එසේ නගරයට උතුරෙන් සිටි මහ හමුදාව ද නගරයට බස්නාහිරෙන් රහසේ සඟවා සිටි අය ද යන සෙනඟ, මෙසේ නතර කළ පසු ජෝෂුවා ඒ රාත්‍රියේ මිටියාවතට ගියේ ය.
ජෝෂුවා ද සියලු ඉශ්රායෙල්වරු ද තමන් පැරදුණාක් මෙන් පෙන්වා පාළුකරයට යන මාර්ගයෙහි පලා ගියෝ ය.
ඔවුන් පස්සේ ලුහුබැඳ යන පිණිස ආයි නගරයේ සිටි මුළු සෙනඟ රැස් කරගන්නා ලදහ. ඔව්හු ජෝෂුවා පස්සේ එළවාගෙන ගොස් නගරයෙන් ඈත් වූවෝ ය.
මා සමඟ සිටින සියලු සෙනඟ ද මම ද නගරය දෙසට ගමන් කරන්නෙමු. එවිට ඔවුන් පළමු වතාවේ මෙන් අපට විරුද්ධ ව පහර දීමට ආ කල්හි අපි ඔවුන් ඉදිරියෙන් පලා යන්නෙමු.
ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.
සැඟවී සිටි මිනිස්සු ද ඉක්මනින් ගිබියාවට විරුද්ධ ව වේගයෙන් පැතිර ගොස් මුළු නගරයට කඩුවෙන් පහර දුන්නෝ ය.