එබැවින් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුමයක් වශයෙන් අයිති කර දෙන්නට යන දේශයෙහි ඔබ අවටින් සිටින සියලු සතුරන්ගෙන් ඔබට විවේකය දුන් පසු අමලෙක්වරුන් සිහි කිරීම පවා මිහි පිටින් මකාදැමිය යුතු ය. මෙය අමතක නොකරන්න.”
යොෂුවා 7:22 - Sinhala New Revised Version 2018 එවිට ජෝෂුවා පණිවුඩකාරයන් යැව්වේ ය. ඔව්හු කූඩාරමට දිව ගොස් ඒවා ද ඒවා යට රිදී ද ආකාන්ගේ කූඩාරමේ සඟවා තිබුණු බව සොයාගත්තෝ ය. Sinhala New Revised Version එවිට ජෝෂුවා පණිවුඩකාරයන් යැව්වේ ය. ඔව්හු කූඩාරමට දිව ගොස් ඒවා ද ඒවා යට රිදී ද ආකාන්ගේ කූඩාරමේ සඟවා තිබුණු බව සොයාගත්තෝ ය. Sinhala Revised Old Version යෝෂුවා පණිවිඩකාරයන් හැරියේය, ඔව්හු කූඩාරමට දිවගියෝය; බලව, එයත් එය යට රිදීත් ඔහුගේ කූඩාරමෙහි සඟවා තිබෙනවා සම්බවුණේය. |
එබැවින් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුමයක් වශයෙන් අයිති කර දෙන්නට යන දේශයෙහි ඔබ අවටින් සිටින සියලු සතුරන්ගෙන් ඔබට විවේකය දුන් පසු අමලෙක්වරුන් සිහි කිරීම පවා මිහි පිටින් මකාදැමිය යුතු ය. මෙය අමතක නොකරන්න.”
කොල්ලය අතරේ ශෝභන බබිලෝනීය සළුවක් ද රිදී කාසි දෙසියයක් ද රිදී කාසි පණසක් බර ඇති රන් පොල්ලක් ද දැක, මම ඒවාට ආසා වී ඒවා ගත්තෙමි; ඒවා මාගේ කූඩාරම මැද පොළොව යට සඟවා තිබේ. ඊට යටින් රිදී තිබේ ය”යි කීවේ ය.
ඔව්හු කූඩාරම මැදින් ඒවා ගෙන ගොස් ජෝෂුවා වෙත ද මුළු ඉශ්රායෙල් සෙනඟ වෙත ද ගෙනවුත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තැබූ හ.