Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 7:22 - Sinhala Revised Old Version

22 යෝෂුවා පණිවිඩකාරයන් හැරියේය, ඔව්හු කූඩාරමට දිවගියෝය; බලව, එයත් එය යට රිදීත් ඔහුගේ කූඩාරමෙහි සඟවා තිබෙනවා සම්බවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එවිට ජෝෂුවා පණිවුඩකාරයන් යැව්වේ ය. ඔව්හු කූඩාරමට දිව ගොස් ඒවා ද ඒවා යට රිදී ද ආකාන්ගේ කූඩාරමේ සඟවා තිබුණු බව සොයාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එවිට ජෝෂුවා පණිවුඩකාරයන් යැව්වේ ය. ඔව්හු කූඩාරමට දිව ගොස් ඒවා ද ඒවා යට රිදී ද ආකාන්ගේ කූඩාරමේ සඟවා තිබුණු බව සොයාගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 7:22
3 හුවමාරු යොමු  

එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හිමිකරගැනීමට උරුමයක් කොට නුඹට දෙන දේශයේදී වටකර සිටින නුඹේ සියලු සතුරන්ගෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට විශ්‍රාමය දුන් විට, අමලෙක් ගැන සිහිවීම අහස යටින් මකාදමන්න; එය මතකනැති නොකරන්න.


කොල්ලය අතරේ ශෝභන බබිලෝනිය සළුවක්ද රිදී ෂෙකෙල් දෙසියයක්ද ෂෙකෙල් පනසක් බර ඇති රන් පේනුවක්ද මම දැක, ඒවාට ආශාවී, ඒවා ගත්තෙමි; ඒවා මාගේ කූඩාරම මැද පොළොව යට සඟවා තිබේ, ඊට යටින් රිදී තිබේ යයි කීවේය.


ඔව්හු කූඩාරම මැද සිට ඒවා යෝෂුවා ළඟටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් ළඟටද ගෙනවුත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තැබූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්