ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 6:1 - Sinhala New Revised Version 2018

ජෙරිකෝව ඉශ්රායෙල් ජනයාගෙන් ආරක්ෂා කරගනු පිණිස එය අගුල් දමා වසා තිබුණේ ය. කිසිවෙකු පිටතට ගියේ වත්, ඇතුළතට ආවේ වත් නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෙරිකෝව ඉශ්රායෙල් ජනයාගෙන් ආරක්ෂා කරගනු පිණිස එය අගුල් දමා වසා තිබුණේ ය. කිසිවෙකු පිටතට ගියේ වත්, ඇතුළතට ආවේ වත් නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යෙරිකෝව ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා තරයේ වසා තිබුණේය. කිසිවෙක් පිටතට නොගියේය, ඇතුළටද නාවේය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 6:1
12 හුවමාරු යොමු  

ඒ බව දාවිත්ට දැන්වූ කල ඔහු ඔවුන් සම්බ වන පිණිස මිනිසුන් යැවී ය. මන්ද, ඒ මිනිස්සු බොහෝ සෙයින් ලජ්ජාවට පැමිණ සිටියහ. “ඔබේ රැවුල් වැඩෙන කල් ජෙරිකෝවේ නැවතී සිට පසුව හැරී එන්නැ”යි රජ කියා යැවී ය.


එහෙත්, හෝෂෙයා මිසරයේ සෝ නම් රජු ළඟට දූතයන් යැවූ නිසාත්, අවුරුදුපතා කළ සැටියට අසිරියාවේ රජුට කප්පම් ගෙනවුත් නුදුන් නිසාත් ඔහු කුමන්ත්‍රණය කළ බව අසිරියාවේ රජ දැන ගෙන ඔහුට විලංගු ලා හිර අඩස්සි කෙළේ ය.


එලියා, ඔහුට කතා කොට, “එලිෂා, මෙහි නවතින්න; මන්ද, සමිඳාණන් වහන්සේ මා ජෙරිකෝවට යවන සේකැ”යි කීවේ ය. ඔහු ද, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ද ජීවමාන ඔබේ නාමයෙන් ද මම ඔබ අත් නොහරිමි”යි දිවිරී ය. මෙසේ ඔව්හු ජෙරිකෝවට ආ හ.


සමිඳාණෝ ගෙය නොසාදන සේක් නම්, එය ඉදි කරන්නෝ නිකරුණේ වෙහෙසෙති. සමිඳාණෝ නගරය රැක බලා නොගන්න සේක් නම්, මුරකරුවෝ නිකරුණේ පිබිද සිටිති.


ජනෝවාවෙන් අතාරෝත්ටත්, නාරාටත් බැස ජෙරිකෝවට පැමිණ ජොර්දාන දක්වා වැටී තිබිණි.


බෙන්ජමින් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණ නගර නම්: ජෙරිකෝව ද බෙත්-හොග්ලා ද ඒමෙක්-කෙශිශ් ද


නූන්ගේ පුත් ජෝෂුවා ෂිට්ටිම් නම් ස්ථානයේ සිට මිනිසුන් දෙදෙනකු ඔත්තු බැලීමට රහසින් පිටත් කර යවමින්, “ඔබ දෙදෙනා විශේෂයෙන් ගොස් ජෙරිකෝ ප්‍රදේශය පරීක්ෂා කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගොස් රාහාබ් නම් වෙසඟනකගේ ගෙදරට පැමිණ එහි නවාතැන් ගත්හ.


ඔව්හු ජෝෂුවාට කතා කොට, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මේ මුළු දේශය අප අතට පාවා දී තිබේ. දේශයේ වැසියන් සියල්ලෝ ම අප කෙරෙහි භීතියෙන් සිටිති”යි කීවෝ ය.


රාජ සේවකයෝ ජොර්දාන් ගඟට යන පාර දිගේ තොටුපළවල් දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය. ඔවුන් නගරයෙන් පිට වූ වහා ම වාසල් දොරටුව වසන ලද්දේ ය.


සමිඳාණන් වහන්සේගේ සේනාවේ අධිපතියා ජෝෂුවාට කතා කොට, “නුඹ සිටින තැන ශුද්ධ භූමියක් නිසා නුඹේ පාවහන් ගලවන්නැ”යි කීවේ ය. ජෝෂුවා ද එසේ කෙළේ ය.


සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “සවන් දෙන්න, ජෙරිකෝව ද එහි රජු ද බලවත් යුද්ධ භටයන් ද නුඹේ අතට මම පාවා දෙන්නෙමි.