ඉන්පසු ලාබන් කතා කොට, “මේ ගල් ගොඩ, අද ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කී ය. එබැවින් ඊට ගල්යේද් යන නාමය දෙන ලදී.
යොෂුවා 22:28 - Sinhala New Revised Version 2018 එහෙයින් ඔවුන් අපට වත්, අපේ දරු පරපුරට වත් මතු කාලයේ එසේ කීවොත්, ‘දවන යාග පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට නොව අප සමඟ හා ඔබ සමඟ සාක්ෂියක් වන පිණිස අපේ පියවරුන් තැනූ සමිඳාණන් වහන්සේගේ පූජාසනයේ ආදර්ශය බලන්න’ කියා අපට කියන්නට පුළුවන් යයි අපි සිතුවෙමු. Sinhala New Revised Version එහෙයින් ඔවුන් අපට වත්, අපේ දරු පරපුරට වත් මතු කාලයේ එසේ කීවොත්, ‘දවන යාග පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට නොව අප සමඟ හා ඔබ සමඟ සාක්ෂියක් වන පිණිස අපේ පියවරුන් තැනූ සමිඳාණන් වහන්සේගේ පූජාසනයේ ආදර්ශය බලන්න’ කියා අපට කියන්නට පුළුවන් යයි අපි සිතුවෙමු. Sinhala Revised Old Version එසේ හෙයින් ඔවුන් අපටවත් අපේ පරම්පරාවලටවත් මතු කාලයේ එසේ කීවොත්: දවන පූජා හෝ යාග පූජා හෝ ඔප්පුකිරීමට නොව අප සහ නුඹලා අතරේ සාක්ෂියක් පිණිස අපේ පියවරුන් සෑදුවාවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනයේ ආදර්ශය බලන්නය කියා අපට කියන්ට පුළුවනැයි අපි කියාගත්තෙමුව. |
ඉන්පසු ලාබන් කතා කොට, “මේ ගල් ගොඩ, අද ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කී ය. එබැවින් ඊට ගල්යේද් යන නාමය දෙන ලදී.
ආහාස් රජ අසිරියාවේ රජ වන තිග්ලත්-පිලෙසෙර් සම්බ වන්න දමස්කයට ගොස් දමස්කයේ තිබුණු පූජාසනය දැක, පූජාසනයේ සියලු වැඩවල හරි සැලැස්මක් ද එහි දිග පළල ආදිය ද උරියා පූජකයාට එවී ය.
ඒ දවස පැමිණි විට සමිඳාණන් වහන්සේට මිසරයේ පූජාසනයක් ද එහි සීමාව ළඟ ගල් කණුවක් ද පිහිටුවනු ලබන්නේ ය.
මෝසෙස් මණ්ඩපය සාදන්නට යන කල: “කන්දේ දී නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලාගනින්නැ”යි දෙවියන් වහන්සේ ආඥා කළ සේක. ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක් ව තිබෙන දේවලට සේවය කරති.
අපේ දවන යාග පූජාවලිනුත්, අපේ යාග පඬුරුවලිනුත්, සහභාගිකමේ පූජාවලිනුත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් උන් වහන්සේ ඉදිරියෙහි ඉටු කිරීම යුතු බවට, අප සහ ඔබ ද අපට පසුව අපේ දරු පරපුර ද අතරේ එය සාක්ෂියක් වන පිණිසත්, සමිඳාණන් වහන්සේ සමඟ ඔබට සම්බන්ධකමක් නැතැ යි මතු කාලයේ ඔබේ දරු පරපුර විසින් අපේ දරු පරපුරට වත් කියනු නොලබන පිණිසත් ය.
අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි තිබෙන උන් වහන්සේගේ පූජාසනය හැර, දවන යාග පූජා හෝ ධාන්‍ය පූජා හෝ යාග පඬුරු හෝ ඔප්පු කිරීමට වෙන පූජාසනයක් ගොඩනැඟීමෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගසා අද උන් වහන්සේ වෙතින් අහක් ව යාම කිසිසේත් අපේ අදහස නො වී ය.”
මුළු සෙනඟ අමතා, “මේ ගල අපට සාක්ෂියක් පිණිස තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ අපට වදාළ සියලු වචන ඒ ගලට ඇසුණේ ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන පිණිස ඒ ගල ඔබට සාක්ෂියක් වන්නේ ය”යි කීවේ ය.