ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 21:41 - Sinhala New Revised Version 2018

ඉශ්රායෙල් වංශයේ උරුමය තුළ තිබුණ ලෙවීවරුන්ගේ සියලු නගර වනාහි ඒවායේ තණ බිම් ඇතුළු ව නගර සතළිස්අටක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඉශ්රායෙල් වංශයේ උරුමය තුළ තිබුණ ලෙවීවරුන්ගේ සියලු නගර වනාහි ඒවායේ තණ බිම් ඇතුළු ව නගර සතළිස්අටක් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමය තුළ තිබුණ ලෙවීවරුන්ගේ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් සතළිස් අටක්ය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 21:41
7 හුවමාරු යොමු  

ඔවුන්ගේ කෝපයට සාප වේ වා! මන්ද, එය දරුණු ය; කුරිරු ය. ජාකොබ්ගේ දේශය තුළ මම ඔවුන් වෙන් කරලමි. ඉශ්රායෙල් ජනතාව අතර ඔවුන් විසුරුවා හරිමි.


ඉශ්රායෙල් පුත්‍රයෝ මේ නගර සහ ඒවායේ තණ බිම් ද ලෙවීවරුන්ට දුන්නෝ ය.


ඔව්හු ජාකොබ්ගේ පෙළපතට නියෝග ද, ඉශ්රායෙල් ජනතාවට ව්‍යවස්ථාව ද උගන්වති; ඔබ අබියස සුවඳ දුම් අල්ලති; පුදසුන් මත දවන යාග පුදති.


ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේගේ ආඥා ලෙස තමන්ගේ උරුමයෙන් මෙකී නගර ද ඒවා අවට තණ බිම් ද ලෙවීවරුන්ට දුන්නෝ ය.


මේ සියල්ල ලෙවීවරුන්ගේ අනික් පවුල් වන මෙරාරීගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණ නගර ය. ඔවුන්ගේ කොටස නගර දොළොසක් ය.


මේ නගරවලින් එක එක නුවර වට කර තණ බිම් තිබුණේ ය. ඒ සියලු නගර එකාකාර ව තිබුණේ ය.