Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 21:41 - Sinhala Revised Old Version

41 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උරුමය තුළ තිබුණ ලෙවීවරුන්ගේ සියලු නුවරවල් වනාහි ඒවායේ පිට-බිම් ඇතුළුව නුවරවල් සතළිස් අටක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 ඉශ්රායෙල් වංශයේ උරුමය තුළ තිබුණ ලෙවීවරුන්ගේ සියලු නගර වනාහි ඒවායේ තණ බිම් ඇතුළු ව නගර සතළිස්අටක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 ඉශ්රායෙල් වංශයේ උරුමය තුළ තිබුණ ලෙවීවරුන්ගේ සියලු නගර වනාහි ඒවායේ තණ බිම් ඇතුළු ව නගර සතළිස්අටක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 21:41
7 හුවමාරු යොමු  

ඔව්හු යාකොබ්ට ඔබගේ විනිශ්චයන්ද ඉශ්‍රායෙල්ට ඔබගේ ව්‍යවස්ථාවද උගන්වන්නෝය. ඔබ ඉදිරියෙහි සුවඳ දුම්ද ඔබගේ පූජාසන මතුයෙහි මුළු දවන පූජාවද තබන්නෝය.


ඔවුන්ගේ කෝපය රෞද්‍ර නිසාද ඔවුන්ගේ උදහස කෲරතර නිසාද ඊට ශාපවේවා. මම ඔවුන් යාකොබ් අතරෙහි බෙදා ඉශ්‍රායෙල් අතරෙහි විසුරුවන්නෙමි.


මේ සියල්ල ලෙවීවරුන්ගේ අනික් පවුල් වන මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණ නුවරවල්ය; ඔවුන්ගේ කොටස නුවරවල් දොළොසක්ය.


මේ නුවරවලින් එක එක නුවර වටකර පිට-බිම් තිබුණේය. ඒ සියලු නුවරවල් ඒ ආකාරව තිබුණේය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ මේ නුවරවල් සහ ඒවායේ පිට-බිම්ද ලෙවීවරුන්ට දුන්නෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස තමුන්ගේ උරුමයෙන් මෙකී නුවරවල්ද ඒවායේ පිට-බිම්ද ලෙවීවරුන්ට දුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්