යොෂුවා 21:16 - Sinhala New Revised Version 2018 අයින් සහ ඒ අවට තණ බිම් ද ජුතා සහ ඒ අවට තණ බිම් ද බෙත්-ෂෙමෙෂ් සහ ඒ අවට තණ බිම් ද යන ඒ නගර නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝ ය. Sinhala New Revised Version අයින් සහ ඒ අවට තණ බිම් ද ජුතා සහ ඒ අවට තණ බිම් ද බෙත්-ෂෙමෙෂ් සහ ඒ අවට තණ බිම් ද යන ඒ නගර නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝ ය. Sinhala Revised Old Version ආයින් සහ එහි පිට-බිම්ද යුත්තා සහ එහි පිට-බිම්ද බෙත්-ෂෙමෙෂ් සහ එහි පිට-බිම්ද යන මේ නුවරවල් නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝය. |
මෙසේ ඉශ්රායෙල්හි රජ වන ජෝවාෂ් පිටත් ව ගියේ ය. ඔහු ද ජුදාහි රජ වූ අමශියා ද ජුදාට අයිති බෙත්-ෂෙමෙෂ්හි දී මුණ ගැසුණෝ ය.
බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දට ද එතැනින් කෙසාලොන් වන ජෙයාරීම් කන්දට උතුරු පැත්තෙන් ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස තිම්නා දක්වා විය.
ලෙබායොත් ද ෂිල්හිම් ද ආයින් ද රිම්මොන් ද යන මේවා ය. ගම් සහිත ව සියලු නගර විසිනවයක් ය.
එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්ට යන මාර්ගයේ ගියෝ ය; දකුණට වත්, වමට වත් නොහැරී තපුල්ලමින් එම මාවත දිගේ ම ගියෝ ය; පිලිස්තිවරුන්ගේ අධිපතියෝ ද බෙත්-ෂෙමෙෂ්හි සීමාව දක්වා උන් පසුපස ගියහ.
ඉතින්, එය සිය දේශ සීමාවට යන මාර්ගයේ බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදු කෙළේ උන් වහන්සේ බව එයින් පෙනෙයි; එසේ නැත්නම්, අපට පහර දුන්නේ උන් වහන්සේ නොව, එය ඉබේ ම අපට පැමිණි දෙයක් බව අපට පෙනෙනු ඇතැ”යි කීවෝ ය.