Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 6:12 - Sinhala New Revised Version 2018

12 එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්ට යන මාර්ගයේ ගියෝ ය; දකුණට වත්, වමට වත් නොහැරී තපුල්ලමින් එම මාවත දිගේ ම ගියෝ ය; පිලිස්තිවරුන්ගේ අධිපතියෝ ද බෙත්-ෂෙමෙෂ්හි සීමාව දක්වා උන් පසුපස ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්ට යන මාර්ගයේ ගියෝ ය; දකුණට වත්, වමට වත් නොහැරී තපුල්ලමින් එම මාවත දිගේ ම ගියෝ ය; පිලිස්තිවරුන්ගේ අධිපතියෝ ද බෙත්-ෂෙමෙෂ්හි සීමාව දක්වා උන් පසුපස ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්ට කෙළින් යන පාරේ ගියෝය; දකුණටවත් වමටවත් නොහැරී කෑගසගසා ඒ මාවත දිගේම ගියෝය; පිලිස්තිවරුන්ගේ අධිපතියෝද බෙත්-ෂෙමෙෂ්හි සීමාව දක්වා උන් පස්සේ ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 6:12
7 හුවමාරු යොමු  

මාකශ්, ෂායාල්බිම්, බෙත්-ෂෙමෙෂ් සහ ඒලොන්‍-බෙත්-හානාන් යන නගරවල විසූ බෙන්‍-දෙකෙර් ය;


එහෙත් සහනයක් ලැබුණු බව පාරාවෝ දුටු විට, සමිඳාණන් වහන්සේ කලින් කී ලෙස ම ඔහු තම සිත දැඩි කොට, මෝසෙස් හා ආරොන් කී දේ සැලකුවේ නැත.


ඉශ්රායෙල් ජනයා ඔහුට යළි කතා කොට, “අපි රජ මාවත දිගේ පමණක් යන්නෙමු. අප වත්, අපේ ගවමහිෂයන් වත් ඔබට අයිති වතුර බීවොත් අපි වන්දි ගෙවන්නෙමු. අපට ඕනෑ යන්තම් පයින් ගමන් කිරීම පමණ ය”යි කී හ.


බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දට ද එතැනින් කෙසාලොන් වන ජෙයාරීම් කන්දට උතුරු පැත්තෙන් ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස තිම්නා දක්වා විය.


සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද රන් මී රූප සහ ගඩු රූප දැමූ කුඩා කරඬුව ද ගැලෙහි තැබූ හ.


බෙත්-ෂෙමෙෂ්හි මිනිස්සු මිටියාවතේ තිරිඟු කපමින් සිටියෝ ය. ඔව්හු හිස ඔසවා බලා, ගිවිසුම් කරඬුව දැක ප්‍රීතියෙන් පිනා ගියහ.


ඉතින්, එය සිය දේශ සීමාවට යන මාර්ගයේ බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදු කෙළේ උන් වහන්සේ බව එයින් පෙනෙයි; එසේ නැත්නම්, අපට පහර දුන්නේ උන් වහන්සේ නොව, එය ඉබේ ම අපට පැමිණි දෙයක් බව අපට පෙනෙනු ඇතැ”යි කීවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්