එවිට ඉශ්රායෙල් රජ දිවැසිවරුන් වන හාරසියයක් පමණ මිනිසුන් රැස් කොට, “මම රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යම් ද නොයම් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු කතා කොට, “ගිය මැනව, මන්ද, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ ය.
යොෂුවා 20:8 - Sinhala New Revised Version 2018 ජෙරිකෝවට නැගෙනහිරෙන් ජොර්දානෙන් එගොඩ රූබන් ගෝත්‍රයෙන් උස් සමභූමියේ පාළුකරයේ තිබෙන බෙශෙර් ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත් ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන් ද ඔව්හු වෙන් කොට තැබුවෝ ය. Sinhala New Revised Version ජෙරිකෝවට නැගෙනහිරෙන් ජොර්දානෙන් එගොඩ රූබන් ගෝත්‍රයෙන් උස් සමභූමියේ පාළුකරයේ තිබෙන බෙශෙර් ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත් ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන් ද ඔව්හු වෙන් කොට තැබුවෝ ය. Sinhala Revised Old Version යෙරිකෝවට නැගෙනහිරෙන් යොර්දානෙන් එගොඩ රූබෙන් ගෝත්‍රයෙන් තලාවේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන්ද ඔව්හු නියමකළෝය. |
එවිට ඉශ්රායෙල් රජ දිවැසිවරුන් වන හාරසියයක් පමණ මිනිසුන් රැස් කොට, “මම රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යම් ද නොයම් දැ”යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු කතා කොට, “ගිය මැනව, මන්ද, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ ය.
ඔහු ආහබ්ගේ පුත් ජෝරාම් සමඟ සිරියාවේ රජු වූ හසායෙල්ට විරුද්ධ ව රාමොත්-ගිලියද්හි යුද්ධ කරන්නට ගියේ ය. සිරියන්වරු ජෝරාම්ට තුවාළ කළෝ ය.
ජෙරිකෝව ළඟ ජොර්දානෙන් එගොඩ ජොර්දානට නැගෙනහිරෙන් රූබන් ගෝත්‍රයෙන් පාළුකරයෙහි තිබෙන බෙශෙර් සහ එහි තණ බිම් ද ජහශා සහ එහි තණ බිම් ද;
අපි බාෂාන්හි රජ වූ ඕග්ගේ රාජධානියට අයත් මිටියාවතේ වූ සියලු නගර ද, සලෙකා සහ එද්රෙයි යන නගර දක්වා මුළු ගිලියද් ප්‍රදේශය හා බාෂාන් ප්‍රදේශය ද අල්ලා ගතිමු.
මෙලෙස රූබන්ගේ ගෝත්‍රය සඳහා පාළුකරයෙහි තැනිතලා භූමියෙහි පිහිටි බෙශෙර් නගරය ද ගාද්ගේ ගෝත්‍රය සඳහා ගිලියද් දේශයේ රාමොත් නගරය ද මනස්සේගේ ගෝත්‍රය සඳහා බාෂාන් ප්‍රදේශයේ ගෝලාන් නගරය ද ඇති විය.
මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ් ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම් ද ජුදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බා ද වෙන් කොට තැබුවෝ ය.
වැරදීමකින් මිනී මරන කවුරු නමුත්, සභාව ඉදිරියෙහි පෙනී සිටින්නට ප්‍රථම මිනී මැරීම ගැන පළිගන්නට සොයන්නාගේ අතින් මැරුම් නොකනු පිණිස පලා ගොස් සිටීමට සියලු ඉශ්රායෙල් සෙනඟ ද ඔවුන් අතරේ සිටින විදේශිකයන් ද උදෙසා නියම කරන ලද අභය භූමි නගර මේවා ය.
ලෙවීවරුන්ගේ ගෝත්‍රයට අයිති ගේර්ෂොන්ගේ ගෝත්‍රයට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් දුන්නේ, මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ බාෂාන්හි තිබෙන ගෝලාන් සහ ඒ අවට තණ බිම් ද බෙ-ජෙෂ්තෙරා සහ ඒ අවට තණ බිම් ද යන නගර දෙක ය.
ගාද්ගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ ඒ අවට තණ බිම් ද මහනයිම් සහ ඒ අවට තණ බිම් ද