යොෂුවා 2:20 - Sinhala New Revised Version 2018 එහෙත්, ඔබ අපේ මේ රහස් එළිදරව් කළොත්, ඔබ අප ලවා දිවුරුම් ගත් දිවුරුමෙන් අපි නිදහස් වන්නෙමු.” Sinhala New Revised Version එහෙත්, ඔබ අපේ මේ රහස් එළිදරව් කළොත්, ඔබ අප ලවා දිවුරුම් ගත් දිවුරුමෙන් අපි නිදහස් වන්නෙමු.” Sinhala Revised Old Version නුමුත් නුඹ අපේ මේ කාරණය එළිදරව්කළොත් නුඹ අප දිවුරවාගත් දිවුරුම ගැන අපි නිදහස්වන්නෙමුයයි කීවෝය. |
කිසිවෙකු ඔබේ ගෙදරින් පිට වී වීදියට ගොස් මරණයට පත් වුවහොත් වරද ඔහුගේ ම ය; ඒ ගැන අපි නිදොස් ය. ඔබ සමඟ ගෙදර සිටින යමෙකුට අනතුරක් සිදු වුවහොත් ඔහුගේ මරණය ගැන අප වගකිවයුතු වන්නේ ය.
රාහාබ් පිළිතුරු දෙමින්, “ඔබ කී ලෙස ම වේ වා”යි ඔවුන් පිටත් කර යැව්වා ය. ඔව්හු ද පිටත් ව ගියෝ ය. එවිට ඈ රතු පටිය කවුළුවේ බැන්දා ය.