හිමිතුමාණන් වෙත රැකවරණය මට ඇත. එබැවින්, “පක්ෂියෙකු මෙන් කඳු යායට පියාඹන්නැ”යි ඔබ මට කියන්නේ කුමට ද?
යොෂුවා 2:16 - Sinhala New Revised Version 2018 ඈ ඔවුන්ට කතා කොට, “ලුහුබැඳ ගිය අයට ඔබ අසු නොවන පිණිස කඳුකරයට පලා යන්න. ඔවුන් ආපසු හැරී එන තුරු එහි තුන් දවසක් සැඟවී සිටින්න. ඉන්පසු ඔබේ ගමන යන්නැ”යි කීවා ය. Sinhala New Revised Version ඈ ඔවුන්ට කතා කොට, “ලුහුබැඳ ගිය අයට ඔබ අසු නොවන පිණිස කඳුකරයට පලා යන්න. ඔවුන් ආපසු හැරී එන තුරු එහි තුන් දවසක් සැඟවී සිටින්න. ඉන්පසු ඔබේ ගමන යන්නැ”යි කීවා ය. Sinhala Revised Old Version ඈ ඔවුන්ට කථාකොට: එළවාගන ගිය අයට නුඹලා අසු නොවන පිණිස කඳුකරයට යන්න; ඔවුන් හැරී එන තුරු එහි තුන් දවසක් සැඟවී සිටින්න. ඉන්පසු නුඹලාගේ ගමන යන්නැයි ඔවුන්ට කීවාය. |
හිමිතුමාණන් වෙත රැකවරණය මට ඇත. එබැවින්, “පක්ෂියෙකු මෙන් කඳු යායට පියාඹන්නැ”යි ඔබ මට කියන්නේ කුමට ද?
රාහාබ් වෙසඟනක වුව ද, දූතයන් පිළිගෙන අන් මඟකින් යාමට ඔවුන්ට පිහිට වූ බැවින්, ඈ දමිටුකමට පමුණුවනු ලැබුවේ ඒ ක්‍රියාවලින් නොවේ ද?
රාහාබ්ගේ ගෙය නගරයේ පවුර පිට තිබුණේ ය; ඈ ද පවුර පිට වාසය කළා ය. එබැවින් ඈ කඹයකින් ඒ මිනිසුන් දෙදෙනා කවුළුවෙන් බැස්සුවා ය.
ඒ මිනිසුන් දෙදෙනා පිටත් වී ගොස් කඳුකරයට පැමිණ, ඔවුන් ලුහුබැඳ ගිය අය ආපසු හැරී එන තුරු තුන් දවසක් එහි නැවතී සිටියෝ ය. ලුහුබැඳ ගිය අය ඒ මිනිසුන් සෑම තැන ම සෙවූ නමුත් ඔවුන් සම්බවුණේ නැත.
ශිප් පාළුකරය අසබඩ තිබූ කඳුකරයෙහි දාවිත් සැඟවී සිටියේ ය. සාවුල් හැමදා ම ඔහු සෙවුවේ ය. එහෙත්, දෙවියන් වහන්සේ සාවුල් අතට ඔහු පාවා නුදුන් සේක.