ඔවුන්ගේ කෝපයට සාප වේ වා! මන්ද, එය දරුණු ය; කුරිරු ය. ජාකොබ්ගේ දේශය තුළ මම ඔවුන් වෙන් කරලමි. ඉශ්රායෙල් ජනතාව අතර ඔවුන් විසුරුවා හරිමි.
යොෂුවා 19:9 - Sinhala New Revised Version 2018 සිමියොන් පරපුරේ උරුමය ජුදාගේ පරපුරේ කොට්ඨාශයෙන් ගන්නට යෙදුණේ ය. මන්ද, ජුදා පරපුරේ කොටස ඔවුන්ට පමණට වඩා විශාල ව තිබුණේ ය. එබැවින් ඔවුන්ගේ උරුමය ඇතුළත සිමියොන් පරපුරට උරුමයක් තිබුණේ ය. Sinhala New Revised Version සිමියොන් පරපුරේ උරුමය ජුදාගේ පරපුරේ කොට්ඨාශයෙන් ගන්නට යෙදුණේ ය. මන්ද, ජුදා පරපුරේ කොටස ඔවුන්ට පමණට වඩා විශාල ව තිබුණේ ය. එබැවින් ඔවුන්ගේ උරුමය ඇතුළත සිමියොන් පරපුරට උරුමයක් තිබුණේ ය. Sinhala Revised Old Version සිමියොන් පුත්‍රයන්ගේ උරුමය යූදා පුත්‍රයන්ගේ කොට්ඨාසයෙන් ගන්ට යෙදුණේය. මක්නිසාද යූදා පුත්‍රයන්ගේ කොටස ඔවුන්ට වැඩිව තිබුණේය. එබැවින් ඔවුන්ගේ උරුමය ඇතුළත සිමියොන් පුත්‍රයන්ට උරුමයක් තිබුණේය. |
ඔවුන්ගේ කෝපයට සාප වේ වා! මන්ද, එය දරුණු ය; කුරිරු ය. ජාකොබ්ගේ දේශය තුළ මම ඔවුන් වෙන් කරලමි. ඉශ්රායෙල් ජනතාව අතර ඔවුන් විසුරුවා හරිමි.
ඔවුන් එය මැන්න විට වැඩියෙන් රැස් කරගත් අයට වැඩියක් නො වී ය, අඬුවෙන් රැස් කරගත් අයට අඩුවක් ද නො වී ය. එකිනෙකා තම තමා කන ප්‍රමාණයට රැස් කරගෙන තිබිණි.
ගණනින් වැඩි අයට උරුමය වශයෙන් ලොකු කොටසක් ද, ගණනින් අඩු අයට කුඩා කොටසක් ද දිය යුතු ය. මෙලෙස ලියාපදිංචි කළ සංඛ්‍යා ප්‍රමාණයට අනුව ඔවුන්ට උරුමය බෙදා දිය යුතු වේ.
තුන් වන කොටස සාබුලොන් පරපුරේ ඔවුන්ගේ පවුල් ගණන අනුව වැටුණේ ය. ඔවුන්ගේ උරුමයේ සීමාව සාරීද් දක්වා විය.
දකුණේ පිහිටි රාමා වන බාලත්-බෙයෙර් දක්වා ඒ නගර වටකර තිබෙන ගම් සියල්ලත් ය. සිමියොන් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මේ ය.