Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 19:9 - Sinhala Revised Old Version

9 සිමියොන් පුත්‍රයන්ගේ උරුමය යූදා පුත්‍රයන්ගේ කොට්ඨාසයෙන් ගන්ට යෙදුණේය. මක්නිසාද යූදා පුත්‍රයන්ගේ කොටස ඔවුන්ට වැඩිව තිබුණේය. එබැවින් ඔවුන්ගේ උරුමය ඇතුළත සිමියොන් පුත්‍රයන්ට උරුමයක් තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 සිමියොන් පරපුරේ උරුමය ජුදාගේ පරපුරේ කොට්ඨාශයෙන් ගන්නට යෙදුණේ ය. මන්ද, ජුදා පරපුරේ කොටස ඔවුන්ට පමණට වඩා විශාල ව තිබුණේ ය. එබැවින් ඔවුන්ගේ උරුමය ඇතුළත සිමියොන් පරපුරට උරුමයක් තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 සිමියොන් පරපුරේ උරුමය ජුදාගේ පරපුරේ කොට්ඨාශයෙන් ගන්නට යෙදුණේ ය. මන්ද, ජුදා පරපුරේ කොටස ඔවුන්ට පමණට වඩා විශාල ව තිබුණේ ය. එබැවින් ඔවුන්ගේ උරුමය ඇතුළත සිමියොන් පරපුරට උරුමයක් තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 19:9
7 හුවමාරු යොමු  

ඔවුන් ඕමෙර යන මිම්මකින් ඒ මැන්න කල බොහෝ රැස්කළ තැනැත්තාට වැඩිව නොතිබුණේය, ටික රැස්කළ තැනැත්තාට අඩුව නොතිබුණේය; එකිනෙකා තම තමා කන ප්‍රමාණයට එකතුකෙළේය.


ඔවුන්ගේ කෝපය රෞද්‍ර නිසාද ඔවුන්ගේ උදහස කෲරතර නිසාද ඊට ශාපවේවා. මම ඔවුන් යාකොබ් අතරෙහි බෙදා ඉශ්‍රායෙල් අතරෙහි විසුරුවන්නෙමි.


දකුණු රාමා වන බාලත්-බෙයේර් දක්වා ඒ නුවරවල් වටකර තිබෙන ගම් සියල්ලත්ය. සිමියොන් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මේය.


තුන්වෙනි කොටස සාබුලොන් පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය. ඔවුන්ගේ උරුමයේ සීමාව සාරීද් දක්වා විය.


රූබෙන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා යූදාට එකක්ය.


වැඩිව සිටින්නන්ට වැඩියෙන්ද අඩුව සිටින්නන්ට අඩුවෙන්ද ඔවුන්ගේ උරුමය දෙන්න. ගණන්කරනු ලැබූවන්ගේ ගණනේ ප්‍රකාරයට එක එක ගෝත්‍රයට උරුමය දෙනු ලැබේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්