දේශයෙහි ඉතිරි ව සිටි ඔවුන්ගේ ජනයාගෙන් සලමොන් රජ අද දවස දක්වා රාජකාරියට වහලුන් ගණනාවක් ගත්තේ ය.
යොෂුවා 17:12 - Sinhala New Revised Version 2018 එහෙත්, මනස්සේගේ පුත්‍රයන්ට ඒ නගර වැසියන් පන්නාදමන්නට නොහැකි විය; එබැවින් කානානිවරු ඒ රටේ තමන්ගේ විසීම තහවුරු කරගත්තෝ ය. Sinhala New Revised Version එහෙත්, මනස්සේගේ පුත්‍රයන්ට ඒ නගර වැසියන් පන්නාදමන්නට නොහැකි විය; එබැවින් කානානිවරු ඒ රටේ තමන්ගේ විසීම තහවුරු කරගත්තෝ ය. Sinhala Revised Old Version එහෙත් මනස්සේ පුත්‍රයන්ට ඒ නුවරවල වැසියන් එළවන්ට නොහැකි විය; කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමැතිව සිටියෝය. |
දේශයෙහි ඉතිරි ව සිටි ඔවුන්ගේ ජනයාගෙන් සලමොන් රජ අද දවස දක්වා රාජකාරියට වහලුන් ගණනාවක් ගත්තේ ය.
එහෙත්, ජෙරුසලමේ වාසය කළ ජෙබුසිවරුන් පන්නාදමන්නට ජුදා ජනයාට නොහැකි විය. අද දවස දක්වා ජෙබුසිවරු ජුදා ජනයා සමඟ ජෙරුසලමෙහි වාසය කරති.
ඔව්හු ගෙශෙර්හි වාසය කළ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. එහෙත්, කානානිවරු අද දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසය කරමින් වහලුන් ලෙස වහල් වැඩට යටත් ව සිටිති.