එකල ජුදා තම සහෝදරයන්ගෙන් වෙන් වී අදුල්ලම් නම් නගරයේ වැසියෙකු වන හීරා නමැත්තෙකු සමඟ වාසය කිරීමට ගියේය.
යොෂුවා 15:35 - Sinhala New Revised Version 2018 ජර්මූත් ද අදුල්ලාම් ද සෝකෝ ද අශේකා ද Sinhala New Revised Version ජර්මූත් ද අදුල්ලාම් ද සෝකෝ ද අශේකා ද Sinhala Revised Old Version යර්මූත්ද අදුල්ලාම්ද සෝකෝද අශේකාද, |
එකල ජුදා තම සහෝදරයන්ගෙන් වෙන් වී අදුල්ලම් නම් නගරයේ වැසියෙකු වන හීරා නමැත්තෙකු සමඟ වාසය කිරීමට ගියේය.
ඔහුගේ ජුදෙව් භාර්යාව ගෙදෝර්ගේ පියා වූ ජෙරෙද් ද ශෝකෝගේ පියා වූ හෙබෙර් ද ශානොවාගේ පියා වූ ජෙකුතියෙල් ද ලැබුවා ය.
“එම්බා මරේෂාහි වැසියෙනි! නුඹලා අල්ලාගන්න සතුරන් නැවත එවන්නෙමි. ඉශ්රායෙල්හි තේජස අදුල්ලාම් නගරයට පවා පැමිණෙන්නේ ය.
සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් තැතිගැන්වූ සේක. ඉශ්රායෙල්වරු ගිබියොන් ළඟ දී ඔවුන් වනසා, බෙත්-හෝරොන්ට යන මාර්ගයෙහි ඔවුන් ලුහුබැඳ ගොස් අශේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහර දුන්නෝ ය.
ඔව්හු එසේ කොට, ඒ රජවරුන් පස්දෙනා එනම්, ජෙරුසලමේ රජ ද හෙබ්‍රොන්හි රජ ද ජර්මුත්හි රජ ද ලාකීෂ්හි රජ ද එග්ලොන්හි රජ ද ගුහාවෙන් ඔහු වෙත ගෙනාවෝ ය.
එබැවින් ජෙරුසලමේ රජ වූ අදෝනි-ශෙදෙක්, හෙබ්‍රොන්හි රජ වූ හෝහාම්ට ද ජර්මුත්හි රජ වූ පීරාම්ට ද ලාකීෂ්හි රජ වූ ජපියාට ද එග්ලොන්හි රජ වූ දෙබීර්ට ද පණිවුඩ යවමින්,
පිලිස්තිවරු ජුදාහි නගරයක් වන සෝකෝ නම් ස්ථානයට යුද්ධය පිණිස රැස් වූ හ. ඔව්හු සෝකෝ නගරයටත්, අශේකා නගරයටත් අතරේ එපෙස්-දම්මීම්හි කඳවුරු බැඳගත්හ.
දාවිත් ගාත් රටින් ගැළවී ගොස්, අදුල්ලාම්හි ගුහාවට පැමිණියේ ය. ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝ ද ඒ අසා එහි ඔහු වෙත ගියෝ ය.