ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොෂුවා 15:16 - Sinhala New Revised Version 2018

කාලෙබ් කතා කොට, “කිරියත්-සේපෙර්ට පහර දී එය අල්ලාගන්න තැනැත්තාට මාගේ දුව වන අක්සා භාර්යාව වශයෙන් පාවා දෙන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

කාලෙබ් කතා කොට, “කිරියත්-සේපෙර්ට පහර දී එය අල්ලාගන්න තැනැත්තාට මාගේ දුව වන අක්සා භාර්යාව වශයෙන් පාවා දෙන්නෙමි”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කාලෙබ් කථාකොට: කිරියත්-සේපෙර්ට පහරදී ඒක අල්වාගන්න තැනැත්තාට මාගේ දුවවූ අක්සා භාර්යාව කොට පාවාදෙන්නෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න



යොෂුවා 15:16
6 හුවමාරු යොමු  

ඈ මද්මන්නාගේ පියා වූ ෂයප් ද මක්බේනාගේ සහ ගිබෙයාගේ පියා වූ ෂෙවා ද ලැබුවා ය. කාලෙබ්ගේ දුව අක්සා ය.


එතැනින් ඔහු දෙබීර් වැසියන්ට විරුද්ධ ව ගියේ ය. කලින් දෙබීර්ට කිරියත්-සේපෙර් යන නම තිබුණේ ය.


කාලෙබ්ගේ සහෝදරයා වන කෙනස්ගේ පුත් ඔත්නියෙල් එය අල්ලාගත්තේ ය. කාලෙබ් තමාගේ දුව වන අක්සා ඔහුට භාර්යාව වශයෙන් පාවා දුන්නේ ය.


එහෙත්, අදොනි-බෙශෙක් පලා ගියේ ය. ඔව්හු ඔහු ලුහුබැඳ ගොස්, ඔහු අල්ලාගෙන ඔහුගේ අත්පාවල මාපටැඟිලි කපාදැමූ හ.


ඉශ්රායෙල් සෙනඟ කතා කොට, “ඉදිරියට එන අර මිනිසා දෙස බලන්න. ඉශ්රායෙල්වරුන්ට ඔහු කරන අභියෝගය අසන්න. යම් මිනිසෙකු ඔහු මැරුවොත්, රජතුමා ඔහුට බොහෝ වස්තුව දී ඔහු ධනවතෙකු කොට, තමාගේ දුව ඔහුට සරණපාවා දී, ඉශ්රායෙල්හි ඔහුගේ පියාගේ පවුල අයබදුවලින් නිදහස් කරනු ඇතැ”යි කී හ.