රාජාලියෙකුගේ මෙන් මාගේ යොවුන් බව අලුත් කරන පිණිස, දිවි ඇති තාක් මා යහපත් දෙයින් තෘප්තියට පමුණුවන සේක.
යොෂුවා 14:11 - Sinhala New Revised Version 2018 මෝසෙස් මා පිටත් කර යැවූ දවසේ මෙන් ම අදත් මම ශක්තිමත් ව සිටිමි. යුද්ධ කරන්නටත් කොයි දේ කරන්නටත් ඒ කාලයේ තිබුණාක් මෙන් ම දැනුත් මට ශක්තිය තිබේ. Sinhala New Revised Version මෝසෙස් මා පිටත් කර යැවූ දවසේ මෙන් ම අදත් මම ශක්තිමත් ව සිටිමි. යුද්ධ කරන්නටත් කොයි දේ කරන්නටත් ඒ කාලයේ තිබුණාක් මෙන් ම දැනුත් මට ශක්තිය තිබේ. Sinhala Revised Old Version මෝසෙස් මා යැවූ දවසේදී මෙන්ම අදත් මම ශක්තිමත්ව සිටිමි. යුද්ධකරන්ටත් පිටතට යන්ටත් ඇතුළට එන්ටත් මාගේ ශක්තිය ඒ කාලයේ තිබුණාක් මෙන්ම දැනුත් තිබේ. |
රාජාලියෙකුගේ මෙන් මාගේ යොවුන් බව අලුත් කරන පිණිස, දිවි ඇති තාක් මා යහපත් දෙයින් තෘප්තියට පමුණුවන සේක.
අප ආයු හැත්තෑ අවුරුද්දකි, සවි ශක්තිය ඇත්නම්, අසූවක් විය හැකි ය. එහෙත්, ඒ කාලය කම්කටොළු හා දුක ම ය. අප ආයු ගෙවී ගොස් දිවි පෙවෙත වහා නිම වන්නේ ය.
එහෙත්, සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝ ය; රාජාලීන් මෙන් පියාපත් විදහා යන්නෝ ය; ඔව්හු දුවන්නෝ ය; එහෙත්, වෙහෙස නොවන්නෝ ය; ඇවිදින්නෝ ය; එහෙත්, ක්ලාන්ත නොවන්නෝ ය.
ඔහු ඔවුන් අමතමින් මෙසේ පැවසී ය: “මට අද වයස අවුරුදු එකසිය විස්සකි. මට තවත් රිසි පරිදි යන්න එන්න බැරි ය. ‘ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර නොවනු ඇතැ’යි සමිඳාණන් වහන්සේ ද මට වදාළ සේක.
මෝසෙස් මියයන විට ඔහුට වයස අවුරුදු එකසිය විස්සකි. ඔහුගේ ඇස් පෙනීම හොඳට තිබිණි. ශරීර ශක්තිය ද අඩු නො වී ය.
දැන් බලන්න, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට මේ දේ වදාළ දවස සිට අද දක්වා සතළිස්පස් අවුරුද්දක් ගත වී ඇත. ඒ වූකලී ඉශ්රායෙල් සෙනඟ පාළුකරය මැදින් ගමන් කළ කාලය ය. අද වන තුරු සමිඳාණන් වහන්සේ මා ජීවත් කොට රක්ෂා කළ සේක. අද මම අසූපස් අවුරුද්දක් වයස් ව සිටිමි.