ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රය යන පවුලෙන් බාෂාන්හි ගෝලාන් සහ එහි තණ බිම් ද අෂ්ටාරොත් සහ එහි තණ බිම් ද;
යොෂුවා 13:31 - Sinhala New Revised Version 2018 ගිලියද් දේශයෙන් අර්ධයක් ද බාෂාන්හි තිබෙන ඕග් රජුගේ රාජ්‍යයේ නගර වන අෂ්ටාරොත් ද එද්‍රෙයි ද මනස්සේගේ පුත් මාකීර්ගේ පුත්‍රයන්ට එනම්, මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමන්ගේ පවුල්වල හැටියට උරුම ලැබුණේ ය. Sinhala New Revised Version ගිලියද් දේශයෙන් අර්ධයක් ද බාෂාන්හි තිබෙන ඕග් රජුගේ රාජ්‍යයේ නගර වන අෂ්ටාරොත් ද එද්‍රෙයි ද මනස්සේගේ පුත් මාකීර්ගේ පුත්‍රයන්ට එනම්, මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමන්ගේ පවුල්වල හැටියට උරුම ලැබුණේ ය. Sinhala Revised Old Version ගිලියද් දේශයෙන් අර්ධයක්ද බාෂාන්හි තිබුණ ඕග් රජුගේ රාජ්‍යයේ නුවරවල් වන අෂ්ටාරොත්ද එද්‍රෙයිද මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයන්ට එනම් මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමුන්ගේ පවුල්වල හැටියට ලැබුණේය. |
ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රය යන පවුලෙන් බාෂාන්හි ගෝලාන් සහ එහි තණ බිම් ද අෂ්ටාරොත් සහ එහි තණ බිම් ද;
ගිලියද් සහ මනස්සේ යන රටවල් මාගේ ය; එප්‍රායිම් දේශය මාගේ හිස් වැස්ම වන්නේ ය; ජුදා පෙදෙස මාගේ රාජකීය ජයකොන්තය වන්නේ ය;
රෙපායිම් යන යෝධයන්ගෙන් ඉතිරි ව සිටි බාෂාන්හි රජ වූ ඕග්ගේ පළාතටත් ඔව්හු පහර දී එය හිමි කරගත්තෝ ය. ඕග් වූකලී අෂ්ටාරොත්හිත්, එද්‍රෙයෙහිත් වාසය කෙළේ ය.
තවද, අෂ්ටාරොත්හිත්, එද්‍රෙයෙහිත් රජකම් කළ බාෂාන්හි ඕග් රජුගේ රාජ්‍යය ද සලෙකා දක්වා ඇතුළත් ය. ඕග් රෙපායිම් යෝධයන්ගෙන් ඉතිරි ව සිටි කෙනෙකි. මෝසෙස් ඔවුන්ට පහර දී ඔවුන් පන්නාදැමුවේ ය.
මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ, ජෙරිකෝවට නැගෙනහිරෙන් තිබූ මෝවබ් තැනිතලාවල දී උරුම වශයෙන් බෙදා දෙන ලද කොටස් ඉහත කී ඒවා ය.
මන්ද, මනස්සේගේ දූවරුන්ට ඔහුගේ පුත්‍රයන් අතරෙහි උරුමයක් ලැබුණු හෙයිනි. මනස්සේගේ අනික් පුත්‍රයන්ට ගිලියද් දේශය හිමි වුණේ ය.
ජොර්දාන් ගඟින් එගොඩ විසූ අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා වන හෙෂ්බොන්හි රජ වූ සීහොන්ටත්, අෂ්ටාරොත්හි විසූ බාෂාන්හි රජ වූ ඕග්ටත් කළ සියල්ල ද අපි ඇසීමු.
ඉශ්රායෙල් ජනයා නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කොට, බාල් දේවතාවන්ටත්, අෂ්ටාරොත් දේවතාවිටත්, සිරියාවේ දෙවිවරුන්ටත්, සීදොන්හි දෙවිවරුන්ටත්, මෝවබ්හි දෙවිවරුන්ටත්, අම්මොන්වරුන්ගේ දෙවිවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කළෝ ය; සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් නොකොට උන් වහන්සේ අත් හැරියෝ ය.
ගිලියද් ගෝත්‍රය ජොර්දානෙන් එතෙර ද දාන් ගෝත්‍රය තණ බිම් අතර ද නතර වී වාසය කළහ: ආෂෙර් ගෝත්‍රය මුහුදු වෙරළේ ඔවුන්ගේ තොටුපොළවල් අතරේ සුව සේ වාසය කළෝ ය.
එවිට ඔව්හු සමිඳාණන් වහන්සේට මොරගසමින්, ‘අපි සමිඳාණන් වහන්සේ අත් හැර බාල් දේවතාවන්ටත්, අෂ්ටාරොත් දේවතාවියටත් වැඳුම්පිදුම් කිරීමෙන් පව් කෙළෙමු. එහෙත්, අපේ සතුරන් අතින් අප ගැළෙවුව මැනව. අපි ඔබ වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු’යි කීවෝ ය.
සාමුවෙල් මුළු ඉශ්රායෙල් ජනයා අමතා, “ඔබ හැම මුළු සිතින් ඔබේ සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්නහු නම්, ඔබ අතරෙන් අන්‍ය දෙවිවරුන් ද අෂ්ටාරොත් දේවතාවිය ද පහ කරදමා, ඔබේ සිත් සමිඳාණන් වහන්සේ දෙසට ම යොමු කොට උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කරන්න. උන් වහන්සේ ද පිලිස්තිවරුන්ගේ අතින් ඔබ ගළවාගනු ඇතැ”යි කීවේ ය.