Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 10:6 - Sinhala New Revised Version 2018

6 ඉශ්රායෙල් ජනයා නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කොට, බාල් දේවතාවන්ටත්, අෂ්ටාරොත් දේවතාවිටත්, සිරියාවේ දෙවිවරුන්ටත්, සීදොන්හි දෙවිවරුන්ටත්, මෝවබ්හි දෙවිවරුන්ටත්, අම්මොන්වරුන්ගේ දෙවිවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කළෝ ය; සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් නොකොට උන් වහන්සේ අත් හැරියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඉශ්රායෙල් ජනයා නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කොට, බාල් දේවතාවන්ටත්, අෂ්ටාරොත් දේවතාවිටත්, සිරියාවේ දෙවිවරුන්ටත්, සීදොන්හි දෙවිවරුන්ටත්, මෝවබ්හි දෙවිවරුන්ටත්, අම්මොන්වරුන්ගේ දෙවිවරුන්ටත්, පිලිස්තිවරුන්ගේ දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කළෝ ය; සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් නොකොට උන් වහන්සේ අත් හැරියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණ දේ කොට බාල්දේවතාවුන්ටත් අෂ්ටාරොත්ටත් සිරියේ දෙවිවරුන්ටත් ශීදොන්හි දෙවිවරුන්ටත් මෝවබ්හි දෙවිවරුන්ටත් අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දෙවි වරුන්ටත්, සේවයකළෝය; ස්වාමීන්වහන්සේට සේවය නොකොට උන්වහන්සේ අත්හැරියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 10:6
32 හුවමාරු යොමු  

මා මෙසේ කරන්නේ, සලමොන් ඔහුගේ පිය වූ දාවිත් මෙන් මාගේ ඇස් හමුවෙහි හරි දේ ද මාගේ පනත් ද විනිශ්චයයන් ද ඉෂ්ට නොකරමින්, මාගේ මාර්ගවල නොහැසිර, මා අත්හැර සීදොන්වරුන්ගේ දේවතාවිය වූ අෂ්ටාරොත්ට ද මෝවබ්වරුන්ගේ දේවතාවා වූ කෙමොෂ්ට ද අම්මොන්වරුන්ගේ දේවතාවා වූ මිල්කොම්ට ද නමස්කාර කළ නිසා ය.


මන්ද, සලමොන් සීදොන්වරුන්ගේ දේවතාවිය වූ අෂ්ටාරොත් හා අම්මොන්වරුන්ගේ පිළිකුල සහිත මිල්කොම් අනුව ගොස්,


එකල සලමොන් ජෙරුසලම ඉදිරියෙහි වූ කන්ද මත මෝවබ්වරුන්ගේ පිළිකුල් කටයුතු කෙමොෂ් දේවතාවාටත්, අම්මොන්වරුන්ගේ පිළිකුල් කටයුතු මොලෙක් දේවතාවාටත් ගිරිකුළු දේවාලයක් ගොඩනැඟී ය.


තවද, ඔහු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාප මාර්ගයෙහි හැසුරුණා පමණක් නොව, සීදොන්වරුන්ගේ රජ වූ එත්බාල්ගේ දුව වන ජෙශෙබෙල් බිරිඳ කොට පාවාගත්තේ ය. ඇරත්, ඔහු ගොස් බාල් දේවතාවාට වැඳුම්පිදුම් කරමින් නමස්කාර කෙළේ ය.


ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තු කළ පිළිම වන වස්සන් දෙදෙනෙකු ද අෂේරා කප් කණු ද සාදා ගෙන ආකාශ වස්තූන් සියල්ලට නමස්කාර කරමින්, බාල් දෙවියාට සේවය කළෝ ය.


තවද, රජ තෙම ජෙරුසලම ඉදිරිපිට ඔලීව කන්දට දකුණෙන් තිබූ සීදොන්වරුන්ගේ පිළිකුල වූ අෂ්ටාරොත්ටත්, මෝවබ්වරුන්ගේ පිළිකුල වූ කෙමොෂ්ටත්, අම්මොන්වරුන්ගේ පිළිකුල වූ මිල්කොම්ටත් ඉශ්රායෙල් රජ වූ සලමොන් විසින් ගොඩනැඟුණු ගිරිකුළු දේවාල දූෂ්‍ය කෙළේ ය.


තමාට පහර දුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජා කොට, “සිරියාවේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිට වන බැවින්, ඔවුන් මටත් පිහිට වන පිණිස මම ඔවුන්ට පූජා කරමි”යි කී ය. එහෙත්, ඒ දෙවිවරු ඔහුගේ ද මුළු ඉශ්රායෙල් සෙනඟගේ ද විනාශයට හේතු වූ හ.


ඔව්හු ඔවුන්ගේ රූපවලට නමස්කාර කළෝ ය. ඒවා ඔවුන්ට මලපතක් විය.


එම්බා සීදොන් නගරය, නුඹ ලජ්ජා වන්න. මන්ද, සත් සමුදුරු පත්ලත් නුඹ ප්‍රතික්ෂේප කර, “මම ප්‍රසව වේදනා නොවින්දෙමි; දරුවන් උත්පාද නොකෙළෙමි; තරුණ තරුණියන් ඇතිදැඩි නොකෙළෙමි”යි කියන්නේ ය.


මාගේ සෙනඟ දෙවිධියක පව් කර ඇත. ඔව්හු ජීවන වතුර උල්පත වන මා අත්හැර දමා, තමන්ට ම කටාරම්, වතුර නාල්ලන බිඳුණු කටාරම් කපාගත්හ.”


සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා ඉශ්රායෙලය, අතීතයේ දී නුඹ මාගේ වියගහ නමැති පාලනයත් මට කීකරුවීමත් ප්‍රතික්ෂේප කර, ‘මම සේවය නොකරන්නෙමි’යි කීවෙහි ය. එහෙත්, උස් වූ හැම හෙලක් පිට ද අතුපතර ඇති හැම ගසක් යට ද නුඹ වැතිර වෙසඟනක මෙන් අන් දෙවිවරුන්ට නමස්කාර කෙළෙහි ය.


ඔව්හු ද ඇතුළු වී ඒ දේශය හිමි කරගත්හ. එහෙත්, ඔවුන් ඔබේ හඬට කීකරු වුණේ වත්, අණපනත් අනුව හැසුරුණේ වත්, ඔවුන්ට කරන්නට ඔබ අණ කල සියල්ල කෙළේ වත් නැත. ඒ නිසා ඔබ මේ සියලු විපත්ති ඔවුන් පිට පැමිණෙවූ සේක.


නුඹේ බොහෝ වෙළෙඳ බඩු නිසා සිරිය නුඹේ වෙළෙන්දෝ වූ හ. ලෝහිතංකවලින් ද රත්නිල් රෙදිවලින් ද ඔව්හු වැඩදැමූ රෙදිවලින් ද සිහින් රෙදිවලින් ද පබළුවලින් ද රතුකැටවලින් ද නුඹ සමඟ ගනුදෙනු කළෝ ය.


“එක මවකගෙන් උපන් ඔබේ සොහොයුරා හෝ ඔබේ පුතා හෝ දුව හෝ ඔබ ප්‍රේම කරන ඔබේ බිරිඳ හෝ ඔබට පණ මෙන් සිටින ඔබේ මිතුරා හෝ රහසින් ඔබ පොළඹවමින් ඔබ වත් ඔබේ පියවරුන් වත් නොදත්, ඔබ අවට ඉතා කිට්ටුවෙන් හෝ බොහෝ දුරින් හෝ ලෝකයේ එක් කොණක සිට අනික් කොණ දක්වා හෝ සිටි ජනතාවන්ගේ ‘දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු’යි කීවොත්,


ඔබ එවැන්නෙකුට සවන් දී, එකඟ නොවිය යුතු ය. ඔහුට කිසි අනුකම්පාවක් නොදක්වා, ඔහු ඉතුරු නොකර, ඔහුගේ වරද නොසඟවා,


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, නුඹේ පියවරුන් කළුරිය කළ පරිදි නුඹත් කළුරිය කරන්නට දැන් ආසන්න ව සිටින්නෙහි ය. නුඹේ මරණින් පසු මේ සෙනඟ මට අවිශ්වාසවන්ත ව ඔවුන් පදිංචි වන රටෙහි විදේශිකයන්ගේ දෙවිදේවතාවන් වැළඳගෙන, මා අත්හැර, ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩ කරන්නෝ ය.


එදින මාගේ උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවිළී, මා ඔවුන් අත්හැර, මම ඔවුන්ගෙන් මාගේ මුහුණ සඟවා ගන්නෙමි. ඔවුන් පිට පැමිණෙන මහා විපත්ති සහ දුක් කරදරවලින් ඔව්හු වැනසී යන්නෝ ය. එවිට එදින ඔව්හු කතා කොට, ‘මේ විපත්ති අප පිට පැමිණ තිබෙන්නේ අපේ දෙවියන් වහන්සේ අප අතරේ නැති නිසා නොවේ දැ’යි කියන්නෝ ය.


ජාකොබ්ගේ පෙළපත කා බී සෑහීමට පත් වූ හ. ඉශ්රායෙල් සෙනඟ තර වී කැරලි ගැසූ හ. තර වී, තරබාරු වී, ස්ථුල වූ හ. තමන් මැවූ දෙවිඳුන් අතහැර, විමුක්ති පර්වතයාණන් වන එතුමන් සුළු කොට සැලකූ හ.


ගිලියද් දේශයෙන් අර්ධයක් ද බාෂාන්හි තිබෙන ඕග් රජුගේ රාජ්‍යයේ නගර වන අෂ්ටාරොත් ද එද්‍රෙයි ද මනස්සේගේ පුත් මාකීර්ගේ පුත්‍රයන්ට එනම්, මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමන්ගේ පවුල්වල හැටියට උරුම ලැබුණේ ය.


ජායිර් ද නැසී කාමොන්හි තැන්පත් කරනු ලැබී ය.


ඔබේ දෙවි වන කෙමොෂ් ඔබට හිමි කරගැනීමට දුන් දේ ඔබට හිමි කරගත හැකි ය. එලෙස ම අපේ දෙවි සමිඳාණන් වහන්සේ අප ඉදිරියෙන් පන්නා දැමූ සියල්ලන්ගේ රට අපිත් හිමි කරගනිමු.


ඉශ්රායෙල් සෙනඟ නැවතත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කළෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවා දුන් සේක.


පිලිස්තිවරුන්ගේ අධිපතීහු තමන්ගේ දෙවි වන දාගොන්ට මහා පූජාවක් ඔප්පු කරන්නටත්, ප්‍රීති වන්නටත් රැස් වූ හ. “අපේ දෙවියෝ අපේ සතුරා වූ සම්සොන් අප අතට පාවා දුන්නාහ”යි ඔව්හු කීවෝ ය.


ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කොට බාල් දේවතාවුන්ටත්, අෂෙර් දේවතාවියටත් වැඳුම්පිදුම් කළහ.


ඒහුද්ගේ මරණයෙන් පසු ඉශ්රායෙල් ජනයා යළිත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය.


ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඒ නිසා සමිඳාණන් වහන්සේ මිදියන්වරුන් අතට ඔවුන් සත් අවුරුද්දකට පාවා දුන් සේක.


ගිඩියොන් මියගිය පසු ඉශ්රායෙල් ජනයා යළිත් වහා ම සමිඳාණන් වහන්සේට අවිශ්වාසවන්ත වී බාල් දේවතාවා වැළඳ ගෙන ඔහුට නමස්කාර කරන්නට පටන්ගෙන බාල්-බෙරිත් තමන්ට දෙවි ලෙස තබා ගත්තෝ ය.


ඔව්හු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව, රැගෙන දාගොන් දෙවියාගේ දේවාලයට ගෙන ගොස් දාගොන් ළඟ තැබූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්