ලෙයාගේ පුත්‍රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය.
යොෂුවා 13:15 - Sinhala New Revised Version 2018 මෝසෙස් රූබන්වරුන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට උරුමයක් දී තිබුණේ ය. Sinhala New Revised Version මෝසෙස් රූබන්වරුන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට උරුමයක් දී තිබුණේ ය. Sinhala Revised Old Version මෝසෙස් රූබෙන් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට දුන්නේය. |
ලෙයාගේ පුත්‍රයෝ නම්, ජාකොබ්ගේ කුලුඳුලා වන රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර් සහ සාබුලොන් ය.
පහත දැක්වෙනුයේ ඔවුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු ය. ජාකොබ්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ නම් හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී ය. මොවුහු රූබන්ගේ පෙළැන්තියට අයිති වූවෝ වෙති.
මෝසෙස් ලෙවී ගෝත්‍රයට පමණක් කිසි උරුමයක් නුදුන්නේ ය. ඔහු ඔවුන්ට කී පරිදි, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජා ඔවුන්ගේ උරුමය විය.
ඔවුන්ගේ පළාත නම්, අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද මෙදිබා ළඟ තිබෙන මුළු තැනිතලා ද
දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සහෝදරයන්ට වදාළ ප්‍රකාරයට විවේක සුවය දී ඇත. දැන් ඉතින් ඔබ හැරී සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ ඔබට දෙන ලද උරුම දේශයෙහි ඔබේ නිවාසවලට යන්න.
එහෙත්, සීහොන් රජ තමාගේ දේශය මැදින් ඉශ්රායෙල්වරුන් යාම ගැන සැක කර, තමාගේ මුළු සෙනඟ රැස් කොට, ජහශ්හි කඳවුරු බැඳ, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.