Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 6:14 - Sinhala New Revised Version 2018

14 පහත දැක්වෙනුයේ ඔවුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු ය. ජාකොබ්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ නම් හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී ය. මොවුහු රූබන්ගේ පෙළැන්තියට අයිති වූවෝ වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 පහත දැක්වෙනුයේ ඔවුන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු ය. ජාකොබ්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ නම් හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී ය. මොවුහු රූබන්ගේ පෙළැන්තියට අයිති වූවෝ වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 තමන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝ මොව්හුය: ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයෝ, හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මීය. මොව්හු රූබෙන්ගේ පෙළපත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 6:14
17 හුවමාරු යොමු  

රූබන්ගේ පුත්‍රයන් වන හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී;


ඉශ්රායෙල්ගේ කුලුඳුලා වූ රූබන්ගේ පුත්‍රයෝ නම්: හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මී ය.


ඒහුද්ගේ පුත්‍රයෝ ගෙබාහි වැසියන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ය. මොවුහු මානහත්හි විප්‍රවාසයට ගෙන යන ලදහ.


බෙලාගේ පුත්‍රයෝ නම්: එශ්බොන්, උශ්ශිය, උශ්ශියෙල්, ජෙරිමොත්, ඊරී යන පස්දෙනා ය. ඔව්හු තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව, බලවන්ත මනුෂ්‍යයන් ව සිටියෝ ය. ඔව්හු පෙළපත් වශයෙන් ගණන් කරන ලදුව විසිදෙදාස් තිස්හතරදෙනෙක් වූ හ.


තෝලාගේ පුත්‍රයෝ නම්: උශ්ශි, රෙපායා, ජෙරීයෙල්, ජාමයි, ඉබ්සාම් සහ ෂෙමුවෙල් ය; ඔව්හු තෝලාට අයිති තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව, තමන්ගේ පෙළපත්වල බලවන්ත මනුෂ්‍යයෝ වූ හ. දාවිත්ගේ කාලයේ දී ඔවුන්ගේ ගණන විසිදෙදාස් හයසියයක් විය.


ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොවුහු ය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අශ්රියෙල්, ජෙරමියා, හෝදවියා සහ ජාදියෙල් ය. ඔව්හු බලවන්තයන් ව, කීර්තිමත් මනුෂ්‍යයන් ව, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය.


පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පිය පෙළපත් ප්‍රජා මූලිකයන් ද ෂිලෝහි දී සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි බෙදා දුන් උරුම මේවා ය. මෙසේ ඔව්හු දේශය බෙදා නිම කළෝ ය.


ඉශ්රායෙල් සෙනඟට කානාන් දේශයෙන් ලැබූ උරුම කොටස් මේවා ය. පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පවුල් ප්‍රධානීහු ද ඒවා ඔවුන්ට බෙදා දුන්නෝ ය.


රූබන් ගෝත්‍රයේ දේශ සීමාවේ මායිම ජොර්දාන් ගඟ විය. මේවා වනාහි රූබන් ගෝත්‍රයේ පවුල්වලට උරුම කර දුන් නගර හා ගම් ය.


මෝසෙස් රූබන්වරුන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට උරුමයක් දී තිබුණේ ය.


ආරොන්ගේ පුත් එලෙයාසර් පුතියෙල්ගේ දුවක බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඈ ඔහුට දාව පිනෙහාස් ලැබුවා ය. මොවුහු තමන්ගේ පෙළපත් අනුව ලෙවී ජාතිකයන්ගේ පිය පෙළපත්වල ප්‍රධානීහු ය.


එවිට ඉශ්රායෙල් ජනතාව මිසර දේශයෙන් පිටතට ගෙන යන ලෙස සමිඳාණන් වහන්සේ තමන්ට නියම කළ බව ඉශ්රායෙල් ජනයාට හා මිසරයේ රජු වන පාරාවෝට දන්වන ලෙස උන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට අණ කළ සේක.


ලෙවීගේ පුත්‍රයන් වන ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරී;


දෙ වන මාසයේ පළමු වන දින මුළු සෙනඟ රැස් කළහ. එවිට අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන් ම තම තමන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද ලියාපදිංචි කරන ලදුව, වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම, ලේඛනගත කරන ලදී.


පවුල් අනුව සිමියොන්ගේ දරුපරපුර නම්, නෙමුවෙල්ගෙන් පැවතෙන නෙමුවෙල් පවුල ය; ජාමීන්ගෙන් පැවතෙන ජාමීන් පවුල ය; ජාකීන්ගෙන් පැවතෙන ජාකීන් පවුල ය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්