එහෙත් ඉශ්රායෙල් ජනයා අතර මිනිසෙකුට වත්, මෘගයෙකුට වත් විරුද්ධ ව බල්ලෙකු පවා බුරන්නේ නැත. සමිඳාණන් වහන්සේ වන මා මිසර වැසියන් හා ඉශ්රායෙල් ජනයා අතර වෙනසක් ඇති කළ බව මේ කාරණයෙන් නුඹලා දැනගන්නහු ය.
යොෂුවා 10:21 - Sinhala New Revised Version 2018 ඉන්පසු ජෝෂුවාගේ සෙනඟ මක්කේදාහි කඳවුරට ජෝෂුවා වෙත සුව සේ හැරී ආවෝ ය. ඉශ්රායෙල් සෙනඟගෙන් කිසිවෙකුට විරුද්ධ ව කවරෙක් වත් කිසිවක් නොකීවෝ ය. Sinhala New Revised Version ඉන්පසු ජෝෂුවාගේ සෙනඟ මක්කේදාහි කඳවුරට ජෝෂුවා වෙත සුව සේ හැරී ආවෝ ය. ඉශ්රායෙල් සෙනඟගෙන් කිසිවෙකුට විරුද්ධ ව කවරෙක් වත් කිසිවක් නොකීවෝ ය. Sinhala Revised Old Version මුළු සෙනඟ මක්කේදාහි කඳවුරට යෝෂුවා වෙතට සුවසේ හැරී ආවෝය. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් කිසිවෙකුට විරුද්ධව කවරෙක්වත් තමාගේ දිව නොසෙල්විය. |
එහෙත් ඉශ්රායෙල් ජනයා අතර මිනිසෙකුට වත්, මෘගයෙකුට වත් විරුද්ධ ව බල්ලෙකු පවා බුරන්නේ නැත. සමිඳාණන් වහන්සේ වන මා මිසර වැසියන් හා ඉශ්රායෙල් ජනයා අතර වෙනසක් ඇති කළ බව මේ කාරණයෙන් නුඹලා දැනගන්නහු ය.
නුඹට විරුද්ධ ව සාදන කිසි ම ආයුධයකින් වැඩක් නොවේ. නුඹට විරුද්ධ ව නඟන සියලු චෝදනා නුඹ නිෂ්ප්‍රභා කරන්නෙහි ය. මාගේ මෙහෙකරුවන්ගේ උරුමය මෙය වන්නේ ය. මම ඔවුන්ට ජය අත්කර දෙමි.”
නුඹලා කට අයා, දිව දික්කර, කවටකම් කරන්නේ කාට විරුද්ධ ව ද? නුඹලා කැරලිකාරකමේ දරුවන් ද වංචනික වංශයක් ද නොවන්නහු ද?
ජෝෂුවා සහ ඉශ්රායෙල් සෙනඟ ඔවුන් සමූලඝාතනය කර නිම කළෝ ය. ඔවුන්ගෙන් ඉතිරි අය පවුරු ඇති නගරවලට ඇතුළු වූ හ.
එවිට ජෝෂුවා කතා කොට, “ගුහාවේ කට ඇර ඒ රජුන් පස්දෙනා ගුහාවෙන් මා ළඟට ගෙනෙන්නැ”යි කී ය.