ඉතින්, දෙවි සමිඳුනි, ඔබ නැඟිට ඔබේ බලයේ සංකේතය වන ගිවිසුම් කරඬුව සමඟ ඔබේ නිවාසයට වැඩිය මැනව. දෙවි සමිඳුනි, ඔබේ පූජකයෝ ගැළවීමේ සළුව පැළඳගෙන සිටිත් වා! ඔබේ සැදැහැවත්හු ද යස ඉසුරින් ප්‍රීති වෙත් වා!
යෙසායා 65:18 - Sinhala New Revised Version 2018 මා මවන දේ ගැන සදහට ම ප්‍රීති සන්තෝෂ වන්න. මා මවන අලුත් ජෙරුසලම ප්‍රීතියෙන් පූර්ණ වන්නේ ය; එහි වැසියෝ සොම්නසින් වෙසෙති. Sinhala New Revised Version මා මවන දේ ගැන සදහට ම ප්‍රීති සන්තෝෂ වන්න. මා මවන අලුත් ජෙරුසලම ප්‍රීතියෙන් පූර්ණ වන්නේ ය; එහි වැසියෝ සොම්නසින් වෙසෙති. Sinhala Revised Old Version එසේය, මා විසින් මවන දෙය ගැන සදාකාලේටම සතුටුව ප්‍රීතිවෙන්න. මක්නිසාද මම යෙරුසලම ප්‍රීතිමත්කමක්ද එහි සෙනඟ ප්‍රීතියක්දකොට මවමි. |
ඉතින්, දෙවි සමිඳුනි, ඔබ නැඟිට ඔබේ බලයේ සංකේතය වන ගිවිසුම් කරඬුව සමඟ ඔබේ නිවාසයට වැඩිය මැනව. දෙවි සමිඳුනි, ඔබේ පූජකයෝ ගැළවීමේ සළුව පැළඳගෙන සිටිත් වා! ඔබේ සැදැහැවත්හු ද යස ඉසුරින් ප්‍රීති වෙත් වා!
ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී ගයන්නෝ ය: “සමිඳුනි, ඔබට මම ප්‍රශංසා කරමි. මා කෙරෙහි ඔබ උදහස් ව සිටි නමුත්, දැන් ඒ උදහස නිවී ගොස් ඇත. ඔබ මට සැනසීම දී ඇත.
බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.”
එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත. “බලන්න, මේ අපේ දෙවියන් වහන්සේ ය; උන් වහන්සේ අප ගළවා ගන්න සේකැ යි බලාපොරොත්තුවෙන් සිටියෙමු. උන් වහන්සේ අපේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ අප ගළවාගත් බැවින් අපි ප්‍රීති සන්තෝෂ වන්නෙමු.”
ගැළවීම ලැබූ ඔව්හු ප්‍රීති ඝෝෂා පවත්වමින් සතුටු සිතින් පිනා යමින් ජෙරුසලමට පැමිණෙති. දුකින් හා දොම්නසින් මිදී සදහට ම ප්‍රීති වෙමින් ඔව්හු එහි වෙසෙති.
නුඹලා ඒවා පොළන්නහු ය. එවිට ඒවා, සුළඟට ගසාගෙන යන්නේ ය. සුළි සුළඟින් විසිරී යන්නේ ය. එහෙත්, මම නුඹලාගේ දෙවිඳාණන් වන බැවින් නුඹලා ප්‍රීති වන්නහු ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් වන මට නුඹලා ප්‍රශංසා කරන්නහු ය.
ස්වර්ගයෙනි, ගී ගයන්න; පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න. කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න. මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක.
සගලෝ ගී ගයා වා! පොළොව ප්‍රීති වේ වා! කඳු ප්‍රීතියෙන් පිනා යේ වා! මන්ද, සමිඳාණෝ සිය සෙනඟ සනසන සේක; දුක් විඳින සෙනඟට අනුකම්පා කරන සේක.
සමිඳුන් විසින් මුදන ලද්දෝ ගී කියමින් සියොනට පැමිණෙන්නෝ ය. ඔවුන්ගේ ප්‍රීතිය සදහට ම පවතින්නේ ය. ඔව්හු ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නෝ ය. දුක ද සුසුම්ලෑම ද ඔවුන්ගෙන් පහ ව යන්නේ ය.
සමිඳාණෝ සියොන්ටත්, එහි නටබුන්වලටත් අනුකම්පා කරන සේක. ඇගේ වනාන්තරය, ඒදන් උයන මෙන් ද ඇගේ කාන්තාරය සමිඳුන්ගේ උයන මෙන් ද කරන සේක. ප්‍රීතිය ද සන්තෝෂය ද ස්තුති දීම ද ගීතිකා හඬ ද එහි වන්නේ ය.
එපා කරන ලද, ද්වේෂයට භාජනය වූ, පාළු වූ, නුවරක් වූ නමුත්, මම නුඹ උතුම්, අලංකාර, සදහට ම ප්‍රීතිය ඇති ස්ථානයක් කරන්නෙමි.
මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි; මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක.
ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන් සේක; ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක. අස්වැන්න කපන කාලයෙහි සෙනඟ, කොල්ලය බෙදා ගන්නා කල ප්‍රීති වන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔව්හු ප්‍රීති ප්‍රමෝද වෙති.
සියොන් පුරඟන, සොම්නසින් ගී ගයන්න; ජෙරුසලම් වැසියෙනි, කෑමොරගසන්න; ඉශ්රායෙල් ජනයෙනි, ප්‍රීති ප්‍රමෝද වන්න.
“සියොන් පුරඟන, ප්‍රීතියෙන් ගී ගයන්න. මම නුඹලා සමඟ වාසය කරන පිණිස එන්නෙමි යි කියා සමිඳාණන් වහන්සේ වන මම කියමි.”
සියොන් පුරඟන, ප්‍රීති ප්‍රමෝද වන්න; ජෙරුසලම් පුරඟන සොම්නස් හඬ නඟන්න. ඔබේ රජතුමාණෝ ඔබ වෙත වඩින සේක. එතුමාණෝ, ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙන සේක. යටහත් සිතින් කොටළුවෙකු පිට නැඟ, එසේ ය, කොටළු දෙනකගේ පැටවෙකු පිට නැඟ පැමිණෙන සේක.