දැනට ඉශ්රායෙල්හි සෙනඟ මුහුදේ වැලි මෙන් වන නමුත්, ආපසු එන්නේ ඉතිරි කුඩා පිරිසක් පමණකි. සාධාරණ විනිශ්චය ලෙස සෙනඟට විනාශය නියම වී ඇත.
යෙසායා 60:22 - Sinhala New Revised Version 2018 කුඩා තැනැත්තා වංශයක් ද සුළු තැනැත්තා බලවත් ජාතියක් ද වන්නේ ය. නියම කාලය පැමිණි විට මෙය ඉක්මනින් සිදු වීමට මම සලස්වන්නෙමි. මම සමිඳු වෙමි.” Sinhala New Revised Version කුඩා තැනැත්තා වංශයක් ද සුළු තැනැත්තා බලවත් ජාතියක් ද වන්නේ ය. නියම කාලය පැමිණි විට මෙය ඉක්මනින් සිදු වීමට මම සලස්වන්නෙමි. මම සමිඳු වෙමි.” Sinhala Revised Old Version කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. ස්වාමිවූ මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි. |
දැනට ඉශ්රායෙල්හි සෙනඟ මුහුදේ වැලි මෙන් වන නමුත්, ආපසු එන්නේ ඉතිරි කුඩා පිරිසක් පමණකි. සාධාරණ විනිශ්චය ලෙස සෙනඟට විනාශය නියම වී ඇත.
එය සිදු වූ විට, සමිඳාණෝ, “තමන් වහන්සේ කරන සේකැ”යි කියන දේ ඉක්මනින් කරන සේක් වා! එවිට එය අපට බැලිය හැකි ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණෝ තමන්ගේ අදහස් ඉටු කරන සේක් වා! “එය සිදු වූ විට, එතුමන්ගේ අදහස් කවරේ ද කියා අපි දැනගනිමු”යි ඔබ කියන්නහු ය.
නුඹලාගේ ආදි පිය වූ ආබ්‍රහම් ද නුඹලා ප්‍රසූත කළ සාරා ද ගැන සිතා බලන්න. මා ආබ්‍රහම් කැඳෙවු විට ඔහුට දරු සම්පතක් නො වී ය. එහෙත්, මම ඔහුට ආශීර්වාද කර දරු පරපුරක් දිනිමි.
මෙබඳු දෙයක් ඇසූ දුටු කෙනෙක් සිටිත් ද? කිසි කලක එක දවසකින් රටක් බිහි වී ඇද් ද? එක මොහොතකින් ජාතියක් බිහි වේ ද? සියොන් අඟන, ප්‍රසව වේදනාව වින්ද ඇසිල්ලෙහි ම ඇගේ දරුවා බිහි කළා ය.
එහෙත්, නැති වූ අයගෙන් ඉතිරි කුඩා පිරිසක් ඇති කරන්නෙමි. ඉවත දැමූ අය බලවත් ජාතියක් කරන්නෙමි. මෙතැන් පටන් සදහට ම සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ කන්දේ ඔවුන් කෙරෙහි රජකම් කරන සේක.”
එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය.
දෙවියන් වහන්සේත්, දිවා රෑ දෙක්හි තමන් හට අයැදින, තමන් තෝරාගත් අය ගැන යුක්තිය ඉටු නොකරන සේක් ද? උන් වහන්සේ ඔවුන් ගැන බොහෝ නොඉවසන සේක් ද?
එවිට ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. ඒ දවසේ දී තුන්දාහක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංබ්‍යාවට එකතු කරන ලදහ.
සමිඳාණන් වහන්සේ අදහාගත් අයගේ සංබ්‍යාව තව තවත් වැඩි විය. ඒ මහා ජනකාය ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයෙන් සමන්විත විය.
දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කොට උන් වහන්සේගේ පොරොන්දුව ලැබීමට නම් ඉවසීම ඔබට අවශ්‍ය ය.
එහෙත් ප්‍රේමවන්තයෙනි, ‘සමිඳාණන් වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන් ය, අවුරුදු දහසක් එක දවසක් මෙන් ය,’ යන වැදගත් සත්‍යය අමතක නොකරන්න.
ඉන්පසු සියලු ජාතීන්ගෙන් ද ගෝත්‍රවලින් ද ජන සමූහයාගෙන් ද භාෂාවන්ගෙන් ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක්, සුදු සළු පැළඳ, තාල පත්‍ර අතින් ගෙන, සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දිටිමි.