ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 59:19 - Sinhala New Revised Version 2018

එවිට නැගෙනහිර සිට බස්නාහිර දක්වා සියලු දෙන එතුමන්ගේ නමටත් බිය වන්නෝ ය. එතුමන්ගේ තේජාලංකාරය දකින්නෝ ය; එතුමාණෝ තද සුළඟක් මෙන් නැඟී වේගයෙන් ගලා යන දිය පාරක් මෙන් වඩින සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට නැගෙනහිර සිට බස්නාහිර දක්වා සියලු දෙන එතුමන්ගේ නමටත් බිය වන්නෝ ය. එතුමන්ගේ තේජාලංකාරය දකින්නෝ ය; එතුමාණෝ තද සුළඟක් මෙන් නැඟී වේගයෙන් ගලා යන දිය පාරක් මෙන් වඩින සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට බස්නාහිර සිට ස්වාමීන්වහන්සේගේ නාමයටත් නැගෙනහිර සිට උන්වහන්සේගේ තේජසටත් මනුෂ්‍යයෝ භයවන්නෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හුස්මෙන් පිඹහරින්නාවූ, හිර වෙවී ගලන්නාවූ ජලධාරාවක් මෙන් උන්වහන්සේ එනසේක,

පරිච්ඡේදය බලන්න



යෙසායා 59:19
25 හුවමාරු යොමු  

සමිඳුන්ගේ නාමයට නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ප්‍රශංසා කටයුතු ය.


මහ පොළොවේ සතර දිගින් ජනයෝ සමිඳුන් සමරමින් එතුමාණෝ වෙත හැරී එති. සකල ලෝක වාසීහු ඔබ අබිමුව වැඳ වැටෙති.


අහෝ දෙවිඳුනි! ඔබ මාගේ බාර හාරවලට සවන් දුන් සේක. ඔබේ නාමයට ගරුබිය පාන අයගේ උරුමය මට දුන් සේක.


සමිඳුන්ගේ බලය හා තේජස දුර තියා ම පෙනෙන්නේ ය. ගින්න හා ඉන් නඟින දුම් එතුමන්ගේ උදහස දක්වන්නේ ය. කතා කළ විට එතුමන්ගේ වචන දැවෙන ගින්නක් හා සමාන වන්නේ ය.


සියල්ල ගසාගෙන යන ජලගැල්මක් මෙන් එතුමාණෝ තමන්ට පෙරටුවෙන් සුළඟක් එවන සේක. ඒ සුළඟින් ජාතීන් විනාශ වී ඔවුන්ගේ නපුරු උපායයෝ කෙළවර වන්නෝ ය.


මා එසේ කරන්නේ, මා හැර අන් දෙවි කෙනෙකු නැති බව නැගෙනහිර සිට බස්නාහිර දක්වා සිටින සියලු දෙනා දැනගන්න පිණිස ය. මම සමිඳාණන් වහන්සේ ය, මා හැර අන් දෙවි කෙනෙක් නැත.


මාගේ සෙනඟගෙන් සමහරෙක් දුර බැහැර සිට පැමිණෙති; සමහරෙක් උතුරෙන් හා බස්නාහිරෙන් ද සමහරෙක් සීන්වරුන්ගේ දේශයෙන් ද පැමිණෙති.”


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම සෞභාග්‍යය ගංගාවක් මෙන් ද ජාතීන්ගේ යසඉසුරු දෙගොඩ තළා යන ඔයක් මෙන් ද ඈ වෙත හරවමි. නුඹලා එයින් උරා බොන්නහු ය. මවකගේ මෙන් ඇගේ උකුලේ නුඹලා ගෙනයනු ලබන්නහු ය. ඇගේ දෙදණ පිට සුරතල් කරනු ලබන්නහු ය.


ස්වාමීන් වන මම අසිරියාවේ රජු ද ඔහුගේ මුළු සේනාව ද ජුදා රටට පහර දෙන පිණිස ගෙනෙන්නෙමි. යුප්‍රටීස් ගඟේ ඉවුරු තලා යන ජලගැලීම සේ ඔවුන් ඉදිරියට එනු ඇත.


ඔවුන් සර්පයන් මෙන් දූවිල්ල ලෙවකනු ඇත. පොළොවේ බඩ ගා යන සතුන් මෙන් ඔවුන්ගේ බලකොටුවලින් වෙවුලමින් නික්ම එනු ඇත. ඔවුන් අපේ දෙවි සමිඳාණන් වෙත බියෙන් ඇලළී එනු ඇත. ඔබ තුමාණන් නිසා බියපත් වනු ඇත.


එකල දේව දූතයා මට කතා කරමින්, “සෙරුබ්බාබෙල්ට සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය දෙන්නැ”යි කී ය. එය මෙසේ ය: “නුඹට ජය අත් වන්නේ සේනා බලයෙන් වත්, සිය ශක්තියෙන් වත් නොව, මාගේ ආත්මානුභාවයෙන් ය.


ඉර උදා වන තැන් පටන් ඉර බැස යන තැන් දක්වා සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති. ඔව්හු සෑම තැන ම සුවඳ දුම් ද පිරිසිදු පූජා ද මට ඔප්පු කරති. සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.


තවද, ඔබට කියමි, පෙර අපර දෙදිගින් බොහෝ දෙනෙක් අවුත්, ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සමඟ ස්වර්ග රාජ්‍යයෙහි අසුන් ගන්නෝ ය.


එවිට නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වේ. ජේසුස් ස්වාමීන් වහන්සේ ස්වකීය මුඛයේ හුස්මෙන් ඔහු නසා, උන් වහන්සේගේ ආගමනයේ තේජශ්‍රීයෙන් ඔහු වනසා ලන සේක.


සත් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට: “ලෝකයේ රාජත්වය අපගේ සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ ආලේප ලත් ක්‍රිස්තුන් වහන්සේට ද අත් විය. උන් වහන්සේ සදහට ම රජකම් කරන සේකැ”යි කියන මහ ශබ්ද ස්වර්ගයෙහි විය.


ඉන්පසු ස්වර්ගයෙහි මෙසේ කියන මහ හඬක් මට ඇසිණි; එනම්, “අපේ දෙවියන් වහන්සේගේ ගැළවීම ද බලය ද රාජ්‍යය ද ස්වකීය ක්‍රිස්තුන් වහන්සේගේ අධිපතිකම ද දැන් පැමිණ ඇත. මන්ද, අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවා රෑ දෙක්හි අපගේ සහෝදරයන්ට චෝදනා කරන පැමිණිලිකාරයා පහතට හෙළන ලදි.