එහෙත්, ඔබේ මේ ක්‍රියාව හේතුකොටගෙන සමිඳාණන් වහන්සේට අපහාස කළ බැවින් ඔබට දාව උපදින දරුවා මැරෙන්නේ ම ය”යි දාවිත්ට කී ය.
යෙසායා 52:5 - Sinhala New Revised Version 2018 දැන් මෙහි බබිලෝනියෙහි මට කුමක් දක්නට ලැබේ ද? කිසි හේතුවක් නැති ව මාගේ සෙනඟ මෙහි වහල් ව සිටිති. ඔවුන්ගේ පාලකයෝ ජය හඬ නඟති; දවස දෙවේලේ මාගේ නාමයට අපහාස කරති. Sinhala New Revised Version දැන් මෙහි බබිලෝනියෙහි මට කුමක් දක්නට ලැබේ ද? කිසි හේතුවක් නැති ව මාගේ සෙනඟ මෙහි වහල් ව සිටිති. ඔවුන්ගේ පාලකයෝ ජය හඬ නඟති; දවස දෙවේලේ මාගේ නාමයට අපහාස කරති. Sinhala Revised Old Version දැනුත් මට මෙහි තිබෙන්නේ කුමක්ද? මක්නිසාද මාගේ සෙනඟ නිකමට ගෙනයනලද්දේය. ඔවුන්ගේ ආණ්ඩුකාරයෝ කෑමොරගසති, මාගේ නාමයද නිතරම දවස මුළුල්ලෙහි අපහාසකරනු ලැබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. |
එහෙත්, ඔබේ මේ ක්‍රියාව හේතුකොටගෙන සමිඳාණන් වහන්සේට අපහාස කළ බැවින් ඔබට දාව උපදින දරුවා මැරෙන්නේ ම ය”යි දාවිත්ට කී ය.
දෙවිඳුනි, එදිරිකාරයා කොපමණ කලක් ඔබට නින්දා කරන්නේ ද? ඔහු ඔබේ නාමයට සදහට ම ගරහන්නේ ද?
සමිඳුනි, ඔබට නිගා කළ සතුරන්ගේ අපහාස සිහිකළ මැනව. ඔබේ නාමය ගැරහු අදමිටුන් සිහිකළ මැනව.
සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “මිසරයේ සිටින මාගේ සෙනඟගේ දුඃඛිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විධායකයන්ට විරුද්ධ ව නඟින මොරගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි.
“නුඹ කවරෙක් දැ යි සිතාගන්නෙහි ද? මෙහි නුඹට ගල් පර්වත බෑවුමක සොහොනක් කපා ගැනීමට ද නුඹට ම තැනක් සූදානම් කර ගැනීමට ද නුඹට ඇති අයිතිය කුමක් ද?
එහෙත්, නුඹේ ඉඳුම්හිටුම් ද නුඹේ යාම්ඊම් ද මට විරුද්ධ ව නුඹේ කැරලිකාරකම් ද දැන් මම දනිමි.
ඔහු වෙත මේ පිළිතුර යැවී ය: “අසිරියාවේ රජුගේ සේවකයන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කිවූ මේ අපහාස වචන ඇසූ විට ඒ ගැන බිය නොවන්න.
මම මාගේ සෙනඟ කෙරෙහි උදහස් වී, ඔවුන් මට අයිති නැති හැටියට සලකා නුඹ අතට පාවා දිනිමි. නුඹ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන්ට පවා ඉසිලිය නොහැකි බර පැටෙව්වෙහි ය.
නුඹේ පුත්‍රයෝ සමිඳුන්ගේ කෝපයෙන්, නුඹේ දෙවිඳුන්ගේ තරවටුවෙන් මිරිකී, ක්ලාන්ත වී දැලක අසු වූ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති.
ඒ කුසලාන නුඹලාට පීඩා කළ අයට එනම්, ‘අප විසින් නුඹලා පාගාගෙන යනු පිණිස බිම වැටී සිටින්නැ’යි කියමින් නුඹලාගේ පිටවල් පාරක් මෙන් සලකා ඒවා උඩින් ගිය අයට එය දෙන්නෙමි.”
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලා වහල්කමට විකුණනු ලැබුවේ මුදල් වන්දියකින් නොවේ; එසේ ම නුඹලා මුදනු ලබන්නේත් මුදල් වන්දියකින් නොවේ.
“ඉශ්රායෙල් වනාහි සිංහයන් විසින් ලුහුබඳිනු ලැබ පන්නාදමනු ලැබූ බැටළුවන් වැනි ය. පළමුකොට අසිරියාවේ රජ ඉශ්රායෙල් ගොදුරට ගත්තේ ය. අවසානයේ දී බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ඉශ්රායෙල්ගේ ඇටකටු පොඩිකරදැම්මේ ය.
මා සුසුම්ලන රඟ ඇසුව මැනව. මා සනසන්න කිසිවෙක් නැත. මාගේ සියලු සතුරෝ මාගේ විපත්තිය ගැන ඇසුවෝ ය. ඔබ එය කළ නිසා ඔව්හු සතුටු වෙති. ඔබ ප්‍රකාශ කළ දවස පැමිණෙව්ව මැනව. එවිට ඔව්හු ද මා හා සමාන වන්නෝ ය.
එතුමාණෝ නොනිවෙන උදහසින් ඉශ්රායෙල්ගේ බලය සහමුලින් ම සිඳදැමූ සේක. සතුරන් පැමිණි විට අපට උදව් නුදුන් සේක. වටකරින් නාස්ති කරන ඇවිලෙන ගින්නක් මෙන් එතුමාණෝ ජාකොබ් දවා ලූ සේක.
එහෙත්, ජාතීන්ට පෙනෙන ලෙස මා ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා බැවින්, ඒ ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම ක්‍රියා කෙළෙමි.
එහෙත් ඔවුන් වටකර සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමය නොකෙලෙසන පිණිස මම ක්‍රියා කෙළෙමි. මක්නිසා ද, ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන බවට ඒ ජාතීන් ඉදිරියෙහි ඔවුන්ට මා ප්‍රකාශනයක් කළ බැවිනි.
“ඒ දවසේ දී ‘මත්ස්‍ය ද්වාරයේ’ ඝෝෂාවක් ද නගරයේ දෙ වන කොටසින් කෑමොරගැසීමක් ද කඳුවලින් මහා ශබ්දයක් ද නුඹලාට ඇසෙනු ඇත.
එබැවින් ශුද්ධ ලියවිලිවල කියා ඇති පරිදි: “ඔබ නිසා විජාතීන් අතර දෙවියන් වහන්සේගේ නාමය අපකීර්තියට පත් වී ඇත.”
ඔව්හු මීකාගේ නිවෙස ළඟ සිටිය දී, ලෙවීවරයා වන තරුණයාගේ කටහඬ ඇඳින, එහි ගොස් ඔහුට කතා කොට, “ඔබ මෙහි ගෙනාවේ කවරෙක් ද? මෙතැන ඔබ කරන්නේ කුමක් ද? මෙහි ඔබේ වගකීම කුමක් දැ”යි ඇසුවෝ ය.