මෙසේ රජ කල්පනා කොට රන් වස්සන් දෙන්නෙකු සාදා සෙනඟට කතා කොට, “පූජා කිරීම පිණිස ඔබ ජෙරුසලමට මෙතෙක් කල් ගියා ඇති. ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ ගෙනා ඔබේ දෙවිවරු මේ ය”යි ඔවුන්ට කී ය.
යෙසායා 44:10 - Sinhala New Revised Version 2018 දෙවි කෙනෙකු වශයෙන් නැමදීමට ලෝහ පිළිමයක් වාත්තු කිරීම නිෂ්ඵල ය. Sinhala New Revised Version දෙවි කෙනෙකු වශයෙන් නැමදීමට ලෝහ පිළිමයක් වාත්තු කිරීම නිෂ්ඵල ය. Sinhala Revised Old Version දෙවිකෙනෙකු සාදා ප්‍රයෝජන නැති රූපයක් වාත්තුකෙළේ කවුද? |
මෙසේ රජ කල්පනා කොට රන් වස්සන් දෙන්නෙකු සාදා සෙනඟට කතා කොට, “පූජා කිරීම පිණිස ඔබ ජෙරුසලමට මෙතෙක් කල් ගියා ඇති. ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ ගෙනා ඔබේ දෙවිවරු මේ ය”යි ඔවුන්ට කී ය.
කම්කරුවෙකු වාත්තු කළ, රන්කරුවෙකු රන් ආලේප කළ රිදී දාමයෙන් සරසන ලද පිළිමයකට එතුමන් සමාන නැත.
මේ දෙවිවරුන් සියලු දෙනාගෙන් වැඩක් නැත. ඔවුන්ට කිසිවක් කළ නොහැකි ය. ඔවුන්ගේ පිළිම හිස් රූකඩ ය.”
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ජාතීන් අතරේ ගැළවී සිටින සියල්ලෙනි, එක් රැස් ව ළඟා වෙත් වා! ලී රූප උසුලාගෙන යන, ගැළවීම ගෙන දෙන්න නොහැකි, දෙවිවරුන් යදින අයට නැණ නුවණ නැත.
ඒවා වනාහි කැකිරි වත්තක සිටුවා ඇති, කතා කරන්නට බැරි පඹයන් වැනි ය. ඒවාට ඇවිදින්නට බැරි නිසා ඔසවාගෙන යා යුතු ය. ඒවාට බිය නොවන්න; මන්ද, නුඹලාට අනතුරක් කරන්න වත් යහපතක් කරන්න වත් ඒවාට බැරි ය.”
සමිඳුනි, ඔබ වහන්සේ මාගේ බලය ද බලකොටුව ද විපත්ති දවසේ දී මාගේ රැකවරණය ද වන සේක. විජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙත අවුත් කතා කොට, “අපේ පියවරු වැඩකට නැති බොරු දෙවිවරුන්ට ගැති ව සිටියහ.
පිළිමයකින් ඇති ප්‍රයෝජනය කුමක් ද? එය මිනිසා විසින් සාදන ලද්දකි. එයට සත්‍යය පවසන්නට බැරි ය. එය වාත්තු පිළිමයක් පමණකි. එය කෙරෙහි විශ්වාසය තැබීමෙන් එය තැනූ තැනැත්තාට වන යහපත කුමක් ද?
මේ පාවුලු වනාහි ‘අත්වලින් සැදූ දෙවිවරු, දෙවිවරු නොවෙති’යි කියමින් එපීසයේ පමණක් නොව මුළු ආසියාවේ හැම තැන ම පාහේ බොහෝ සෙනඟට උගන්වා ඔවුන් හරවා ගත් බව ඔබට දකින්නට ද අසන්නට ද ලැබී ඇත.
දේවතාවන්ට පුදන පිදේනි වැළඳීම ගැන කුමක් කියමු ද? දේවතා පිළිමයකින් නිරූපණය වන කිසිවෙකු නැති බවත්, එක ම දෙවි කෙනෙකු මිස අන් දෙවි කෙනෙකු නැති බවත් අපි දනිමු.