Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 44:11 - Sinhala New Revised Version 2018

11 එයට නමස්කාර කරන සියල්ලෝ නින්දාවට පැමිණෙන්නෝ ය. පිළිම සාදන කම්කරුවෝ සාමාන්‍ය මනුෂ්‍යයෝ ය. ඊට වැඩි දෙයක් ඔවුන්ට නැත. ඔව්හු නඩු විනිශ්චයය සඳහා ඉදිරිපත් වෙත් වා. ඔව්හු බිය වී, නින්දා ලබති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එයට නමස්කාර කරන සියල්ලෝ නින්දාවට පැමිණෙන්නෝ ය. පිළිම සාදන කම්කරුවෝ සාමාන්‍ය මනුෂ්‍යයෝ ය. ඊට වැඩි දෙයක් ඔවුන්ට නැත. ඔව්හු නඩු විනිශ්චයය සඳහා ඉදිරිපත් වෙත් වා. ඔව්හු බිය වී, නින්දා ලබති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 බලව, ඒකට සම්බන්ධව සිටින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති; කර්මාන්තකාරයෝ පවා මනුෂ්‍යයෝය. ඔවුන් සියල්ලෝම රැස්වී නැගිට සිටිත්වා; ඔව්හු භයව එක්ව ලජ්ජාවන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 44:11
22 හුවමාරු යොමු  

රූප කෙරෙහි විශ්වාසය තබන, පිළිම දෙවිවරුන් මෙන් සලකන සියලු දෙනා නින්දාවටත්, අධික ලජ්ජාවටත් පත් වන්නෝ ය.”


දේව රූප සාදන සියල්ලෝ ම ලජ්ජාවටත්, නින්දාවටත් පත් ව වියවුල් බවට පැමිණෙන්නෝ ය.


නුඹලා කලින් රුක් වන්දනාවේ යෙදුණු බැවින් ද ශුද්ධ වූ උද්‍යාන පිහිටෙවූ බැවින් ද ඒවා ගැන ලජ්ජා වන්නහු ය.


රූප වඳින්නෝ ද පිළිම ගැන පාරට්ටු කරන්නෝ ද ලජ්ජා වෙත් වා! සියලු දෙවි දේවතාවෝ දෙවිඳුන්ට හිස නමත් වා!


මේ හේතුව නිසා, සියලු මනුෂ්‍යයෝ කිසි දැනගැන්මක් නැති අනුවණයන් මෙන් වෙති. සියලු රන්කරුවෝ තමන්ගේ කැපූ රූප ගැන ලජ්ජාවට පැමිණ සිටිති. මන්ද, ඔවුන් තැනූ රූප සත්‍යයක් පිළිබිඹු නොකරයි. ඒවා ජීවමාන නොවෙයි.


මේ නිසා සියලු මනුෂ්‍යයෝ අනුවණ මෝඩයෝ වෙති. සියලු රන්කරුවෝ තමන් නෙළූ රූප නිසා ලජ්ජාවට පැමිණ සිටිති. ඒවා පණ නැති හිස් පිළිම වන බැවිනි.


එලියා ඔවුන්ට කතා කොට, “බාල්ගේ දිවැසිවරුන්ගෙන් එක් කෙනෙකුට වත් ගැළවී යන්න නොදී ඔවුන් අල්ලාගන්නැ”යි කී ය. ඔවුන් අල්ලාගත් පසු, එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙන ගොස් එහි දී ඔවුන් මැරී ය.


පිළිම සාදන සියල්ලෝ චපලයෝ ය. ඔවුන් උසස් කොට සලකන දෙවිවරු වැදගැම්මකට නැත. ඒ දෙවිවරුන් නමදින සියල්ලෝ අන්ධ ය, අඥාන ය. ඔව්හු නින්දාවට පැමිණෙන්නෝ ය.


එබැවින් සමිඳාණන් වන දෙවිඳාණෝ මෙසේ වදාරන සේක: “මට සේවය කරන්නන්ට කන්න තිබිය දී නුඹලාට බඩගිනි වන්නේ ය; ඔවුන්ට බොන්න තිබිය දී නුඹලාට පිපාසා වන්නේ ය; ඔවුන් ප්‍රීති ප්‍රමෝද වෙද්දී නුඹලාට ලජ්ජාව ඇති වන්නේ ය.


එහි දී ඔබ හැම ලීයෙන් සහ ගලින් නෙළූ මිනිස් අත්කම්වල ප්‍රතිඵල වන, කිසිත් නොදකින, නොවළඳන, ගඳ සුවඳ නොදැනෙන, දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් කරන්නහු ය.


දැන් ඔව්හු තව තවත් පව් කරමින් නැමදීමට තමන්ගේ රිදීවලින් දක්ෂ ලෙස වාත්තු කළ දේව රූප තනා ගනිති. ඒවා වනාහි කම්කරුවන්ගේ නිෂ්පාදන පමණකි. ‘පූජා කරන මිනිස්සු වහු පිළිම සිඹ ගනිත් වා’යි කියති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්