යෙසායා 40:19 - Sinhala New Revised Version 2018 කම්කරුවෙකු වාත්තු කළ, රන්කරුවෙකු රන් ආලේප කළ රිදී දාමයෙන් සරසන ලද පිළිමයකට එතුමන් සමාන නැත. Sinhala New Revised Version කම්කරුවෙකු වාත්තු කළ, රන්කරුවෙකු රන් ආලේප කළ රිදී දාමයෙන් සරසන ලද පිළිමයකට එතුමන් සමාන නැත. Sinhala Revised Old Version කැටයම් රූපය වනාහි කම්කරුවෙකු විසින් වාත්තු කරනලද්දේය, රන්කරුවා ඒක රනින් වසා ඊට රිදී දම්වැල් සාදයි. |
රිදීයෙන් ද රනින් ද ඔප දමන ලද දේව රූප ගෙන, “නුඹලා අපෙන් ඉවත් වෙත්වා”යි කියමින් ඔබ ඒවා කුණු කසළ මෙන් විසිකර දමන්නහු ය.
තර්ෂිෂ් රටෙන් ගෙනා රිදී තහඩුවලින් ද ඕපීර් රටෙන් ගෙනා රත්රන්වලින් ද ඒ රූප සාදා ඇත. ඒවා සාදා ඇත්තේ, කැටයම්කරුවන්ගේ හා රන්කරුවන්ගේ අතින් ය. ඒවා දක්ෂ කම්කරුවන් විසින් නිල් හා දම් පැහැති රාජකීය ඇඳුමෙන් පළඳවනු ලැබ ඇත.
ඒ රන් වස්සා සෑදුවේ ඉශ්රායෙල් කම්කරුවෙක් ය. එය දෙවියෝ නොවෙති. සමාරියයන් නමස්කාර කරන ඒ වහු පිළිමය මම කැබලි කර දමමි.
ඔහු ඒ මුදල නැවත ඔහුගේ මවට දුන් කල, ඔහුගේ මව රිදී කාසි දෙසියයක් රැගෙන කම්කරුවෙකුට දුන්නා ය. ඔහු එයින් කැපූ රූපයක් ද වාත්තු පිළිමයක් ද සෑදුවේ ය. ඒවා මීකාගේ ගෙයි තිබුණේ ය.