ඔහු සමිඳාණන් වහන්සේ වදාළ ලෙස සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු සියල්ල ද රජ ගෙයි වස්තු ද එතැනින් පිටතට ගෙන යනුයේ, ඉශ්රායෙල් රජ වූ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලි කොට කැපී ය.
යෙසායා 39:6 - Sinhala New Revised Version 2018 ඔබේ රජ මැදුරේ ඇති සියල්ලත්, මේ දවස දක්වා ඇති ඔබේ මුතුන්මිත්තන් රැස් කළ සියලු දේත් කිසිවක් ඉතිරි නොකොට, බබිලෝනියට ගෙනයනු ලබන කාලයක් පැමිණෙන්නේ ය. Sinhala New Revised Version ඔබේ රජ මැදුරේ ඇති සියල්ලත්, මේ දවස දක්වා ඇති ඔබේ මුතුන්මිත්තන් රැස් කළ සියලු දේත් කිසිවක් ඉතිරි නොකොට, බබිලෝනියට ගෙනයනු ලබන කාලයක් පැමිණෙන්නේ ය. Sinhala Revised Old Version බලව, නුඹේ ගෙයි තිබෙන සියල්ලත් නුඹේ පියවරුන් විසින් අද දක්වා රැස්කර තැබූ දේත් කිසිවක් ඉතිරි නොකර බබිලෝනියට ගෙනයන දවස් පැමිණෙන්නේය. |
ඔහු සමිඳාණන් වහන්සේ වදාළ ලෙස සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු සියල්ල ද රජ ගෙයි වස්තු ද එතැනින් පිටතට ගෙන යනුයේ, ඉශ්රායෙල් රජ වූ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලි කොට කැපී ය.
ඊළඟ අවුරුද්දේ දී නෙබුකද්නෙශර් රජ ඔහු සහ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදර වූ ශෙදෙකියා ජුදා සහ ජෙරුසලමෙහි රජ කොට පත් කෙළේ ය.
ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ ලොකු කුඩා සියලු භාණ්ඩ ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජුගේත්, ඔහුගේ අධිපතීන්ගේත් වස්තු ද යන සියල්ල ම බබිලෝනියට ගෙන ගියේ ය.
තවද, මම මේ මුළු නගරයේ සම්පත ද එහි ධනය ද එහි ඇති සියලු වටිනා දේ ද ජුදා රජවරුන්ගේ සකල වස්තුව ද ඔවුන්ගේ සතුරන් අතට දෙන්නෙමි; ඔවුන් ඒවා කොල්ලකා බබිලෝනියට ගෙනයනු ඇත.