Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 36:10 - Sinhala New Revised Version 2018

10 ඊළඟ අවුරුද්දේ දී නෙබුකද්නෙශර් රජ ඔහු සහ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදර වූ ශෙදෙකියා ජුදා සහ ජෙරුසලමෙහි රජ කොට පත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඊළඟ අවුරුද්දේ දී නෙබුකද්නෙශර් රජ ඔහු සහ සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදර වූ ශෙදෙකියා ජුදා සහ ජෙරුසලමෙහි රජ කොට පත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ඊළඟ අවුරුද්දේදී නෙබුකද්නෙශර් රජ ඔහු සහ ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදරවූ ශෙදෙකියා යූදා සහ යෙරුසලම කෙරෙහි රජකොට පත්කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 36:10
24 හුවමාරු යොමු  

ජෙහෝයාකිම්ගේ පුත් කෝනියා වෙනුවට බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් ජුදා දේශයෙහි ජොෂියාගේ පුත් ශෙදෙකියා රජකමට පත් කරනු ලැබ ඔහු රජකම් කෙළේ ය.


සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සමහර භාණ්ඩත් නෙබුකද්නෙශර් බබිලෝනියට ගෙන ගොස් බබිලෝනියේ තම මාලිගාවෙහි තැබුවේ ය.


“මේ කරුණු කවරේ ද කියා නුඹලා දන්නේ නැද්දැ”යි කැරලිකාර වංශයට කියන්න. බබිලෝනියේ රජ ජෙරුසලමට අවුත් එහි රජු සහ එහි අධිපතීන් ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙන ගියේ ය.


ජෙහෝයාකින් රජු විප්‍රවාසයට ගෙනයනු ලැබූ පසු, පස් වන අවුරුද්දේ මාසයේ පස් වන දින


දේව මාලිගාව ඉදිරිපිට තබා තිබෙන අත්තික්කා ගෙඩි පුරවන ලද කූඩ දෙකක් සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සේක. මේ දර්ශනය සමිඳාණන් වහන්සේ පෙන්වූයේ, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද ජුදාහි අධිපතීන් ද කම්හල්කරුවන් ද ලෝහකරුවන් ද ජෙරුසලමෙන් අල්ලාගෙන බබිලෝනියට ගෙනයනු ලැබුවාට පසුව ය.


නුඹේ ප්‍රාණය හානි කරන්නට සොයන්නන් අතටත්, නුඹ බියෙන් සිටි අයගේ අතටත් එනම්, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් අතටත්, ඔවුන්ගේ හේවායින් අතටත් මම නුඹ පාවා දෙමි.


ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාවේ ලොකු කුඩා සියලු භාණ්ඩ ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු ද රජුගේත්, ඔහුගේ අධිපතීන්ගේත් වස්තු ද යන සියල්ල ම බබිලෝනියට ගෙන ගියේ ය.


ඒ අවුරුද්දේ වසන්ත සමයේ රජවරුන් යුද්ධයට යන කාලයේ දී, දාවිත් රජ, ජෝවාබ් ද ඔහු සමඟ තමාගේ සේවකයන් ද ඉශ්රායෙල් හමුදාව ද යුද බිමට යැවී ය. ඔව්හු අම්මොන්වරුන් ඝාතනය කොට රබ්බා නගරය වැටලූ හ. එහෙත්, දාවිත් ජෙරුසලමේ නැවතී සිටියේ ය.


‘බලන්න, නුඹේ ගෙයි තිබෙන සියල්ලත්, නුඹේ පියවරුන් අද දක්වා රැස් කර තිබූ දේවලුත් කිසිවක් ඉතිරි නොකොට බබිලෝනියට ගෙන යන දවස් පැමිණෙන්නේ ය.


ඔබේ ම පෙළපතෙන් පැවත එන දරුවන්ගෙන් සමහරෙක් ද ගෙනයනු ලබන්නෝ ය. ඔවුන් නපුංසකයන් මෙන් බබිලෝනියේ රජුට සේවය කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”


තවද, මම මේ මුළු නගරයේ සම්පත ද එහි ධනය ද එහි ඇති සියලු වටිනා දේ ද ජුදා රජවරුන්ගේ සකල වස්තුව ද ඔවුන්ගේ සතුරන් අතට දෙන්නෙමි; ඔවුන් ඒවා කොල්ලකා බබිලෝනියට ගෙනයනු ඇත.


එවිට ජෙරමියා, පූජකවරුන්ටත්, දිවැසිවරුන්ටත් කතා කරමින් මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. දේව මාලිගාවේ භාණ්ඩ ඉක්මනින් ම බබිලෝනියෙන් නැවත ගෙනෙනු ලැබේ යයි නුඹලාට දිවැස් වැකි කියන නුඹලාගේ දිවැසිවරුන්ගේ වචනවලට සවන් නොදෙන්න. ඔව්හු නුඹලාට බොරු දිවැස් වැකි පවසති.


බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් මේ ස්ථානයෙන් රැගෙන බබිලෝනියට ගෙන ගිය දේව මාලිගාවේ සියලු ම භාණ්ඩ අවුරුදු දෙකක් ඇතුළත දී නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි.


ඔව්හු රජුන්ට නින්දා කරති; අධිපතීන්ට කවටකම් කරති; සෑම බලකොටුවක් ම සුළු කොට සලකති; පස් ගොඩකර ඒවා අල්ලා ගනිති.


එය වැඩී පැතිරී යන විට මිදි වැලක් වී ය. එහි අතු රාජාලියා දෙසට වැඩී ගියේ ය. එහි මුල් ගැඹුරට ඇදී ගියේ ය. මෙසේ එහි අතු රිකිලි විහිදී මිදි වැලක් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්