මෙසේ ඒදොම්වරුන් අද දක්වා ජුදාවරුන්ගේ රාජ්‍ය පාලනය ඉවත දමා තිබේ. එම කාලයේ දී ලිබ්නාවරු ද කැරලි ගැසූ හ.
යෙසායා 37:8 - Sinhala New Revised Version 2018 අසිරියාවේ අධිරාජයා ලාකීෂ් හැර ගොස් ලිබ්නා නුවරට විරුද්ධ ව සටන් කරන බව අසා ඔහු හමුවන පිණිස ප්‍රධාන නිලධාරියා එතැනට ගියේ ය. Sinhala New Revised Version අසිරියාවේ අධිරාජයා ලාකීෂ් හැර ගොස් ලිබ්නා නුවරට විරුද්ධ ව සටන් කරන බව අසා ඔහු හමුවන පිණිස ප්‍රධාන නිලධාරියා එතැනට ගියේ ය. Sinhala Revised Old Version අෂූර්හි රජු ලාකීෂ් හැර ගිය බව රබ්-ෂාකේ අසා ආපසු ගිය විට, ඔහු ලිබ්නාට විරුද්ධව යුද්ධකරන බව දැනගත්තේය. |
මෙසේ ඒදොම්වරුන් අද දක්වා ජුදාවරුන්ගේ රාජ්‍ය පාලනය ඉවත දමා තිබේ. එම කාලයේ දී ලිබ්නාවරු ද කැරලි ගැසූ හ.
මෙසේ ඒදොම්වරු අද දක්වා ජුදාවරුන්ගේ පාලනයෙන් ඉවත් වී සිටිති. තවද, ලිබ්නාවරුත් එම කාලයේ දී කැරලි ගසා ඔහුගේ පාලනයෙන් ඉවත් වූ හ. මෙසේ වූයේ, ඔහු තමාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත් හැරිය නිසා ය.
ශෙදෙකියා විසිඑක් වයසේ දී රජකමට පැමිණ එකොළොස් අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම හමුවල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුව ය.
ඉක්බිති ජෝෂුවා මක්කේදා සිට සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ලිබ්නා නගරයට ගොස් ඒ නගරයට විරුද්ධ ව යුද්ධ කෙළේ ය.
ඉශ්රායෙල්වරු පූජක ආරොන්ගේ පුත්‍රයන්ට, මිනී මරන අයට අභය භූමි නගරයක් වූ හෙබ්‍රොන් හා ඒ අවට තණ බිම් ද ලිබ්නා සහ ඒ අවට තණ බිම් ද