එසේ ඔබට බැරි නම්, ඔබ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එලවාදමන්නේ කෙසේ ද? අශ්ව රථ ද අසරුවන් ද ගැන මිසරය කෙරෙහි විශ්වාසය තබා සිටින්නහු ද?
යෙසායා 36:9 - Sinhala New Revised Version 2018 එතරම් බැරි නම් රථ ද අසරුවන් ද ගැන මිසරය කෙරෙහි විශ්වාස කරගෙන ඔබ මාගේ ස්වාමියාගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුව ද පලවා හරින්නේ කෙසේ ද? Sinhala New Revised Version එතරම් බැරි නම් රථ ද අසරුවන් ද ගැන මිසරය කෙරෙහි විශ්වාස කරගෙන ඔබ මාගේ ස්වාමියාගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුව ද පලවා හරින්නේ කෙසේ ද? Sinhala Revised Old Version එසේ නුඹට බැරි නම්, රථද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාසකරගෙන නුඹ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එළවා දමන්නේ කොහොමද? |
එසේ ඔබට බැරි නම්, ඔබ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එලවාදමන්නේ කෙසේ ද? අශ්ව රථ ද අසරුවන් ද ගැන මිසරය කෙරෙහි විශ්වාසය තබා සිටින්නහු ද?
මන්ද, සමිඳාණන් වහන්සේ රථ ඝෝෂාවක් ද අශ්ව ඝෝෂාවක් ද යන මහා සේනාවක ඝෝෂාවක් සිරියන්වරුන්ගේ සේනාවට ඇසෙන්න සැලැසූ සේක. ඔව්හු එකිනෙකාට කතා කොට, “ඉශ්රායෙල් රජ හිත්තීවරුන්ගේ ද මිසරවරුන්ගේ ද රජුන් අපට විරුද්ධ ව කුලියට ගෙන්වාගත්තේ ය” කියා
එතියෝපියාව කෙරෙහි තමන්ගේ විශ්වාසය තැබූ මිසරය ගැන පාරට්ටු කළ අය වියවුල් වී ලජ්ජාවට පැමිණෙන්නෝ ය.
මිසරවාසීහු දෙවිවරු නොවෙති. ඔව්හු මනුෂ්‍යයෝ ය. ඔවුන්ගේ අශ්වයන්ට අලෞකික බලයක් නැත; ඔව්හු ඇට මස්වලින් යුක්ත ය. සමිඳුන් ක්‍රියා කරන විට බලවත් ජාතිය විනාශ වන්නේ ය. එයින් උදව් ලැබූ බෙලහීන ජාතිය ද වැටෙන්නේ ය. ඒ ජාති දෙක ම විනාශ කරනු ලබන්නෝ ය.
මිසරය ඔබට උපකාර කරනු ඇතැ යි ඔබ සිතන්නෙහි ය. එහෙත්, එය හැරමිටිය සඳහා තැළුණු බට දණ්ඩක් අතට ගැනීම හා සමාන ය. එයට බර වුවහොත් එය ඇනී එයින් අත සිදුරු වන්නේ ය. මිසරයේ පාරාවෝ රජු කෙරෙහි විශ්වාස කරන අය එවැනි බට දඬු හා සමාන ය.”
මාගේ ස්වාමියා වන අසිරියාවේ රජුගේ නාමයෙන් මම ඔබ හැම සමඟ ඔට්ටුවක් අල්ලන්නෙමි. මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. උන් පිට නැඟී යන්න ඔබට අසරුවන් සොයා ගත හැකි ද?
නුඹලා මාර්ග වෙනස් කරගනිමින් වගකීමෙන් තොර ව තැනින් තැන යන එන රඟ! අසිරියාව මඟින් නුඹලා ලජ්ජාවට පත් වූවාක් මෙන් මිසරය මඟින් ද නුඹලා ලජ්ජාවට පත් වන්නහු ය.
රජු සිය ප්‍රයෝජනයට බොහෝ අශ්වයන් සපයා නොගත යුතු ය. බොහෝ අශ්වයන් සපයාගැනීම සඳහා සෙනඟ ද මිසරයට නොයැවිය යුතු ය. මන්ද, ‘ඔබ හැම ඒ මාර්ගයෙන් ආපසු නොයා යුතු ය’යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.