බෙන්-හදද් ද කතා කොට, “සමාරියේ දූවිලි මා පසුපස එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්න වත් මදිවන තරම් විශාල සෙනඟක් නාවොත්, දෙවිවරු මට ඉතා දරුණු ලෙස දඬුවම් කරත් වා”යි ඔහුට දන්වා ඇරියේ ය.
යෙසායා 36:8 - Sinhala New Revised Version 2018 මාගේ ස්වාමියා වන අසිරියාවේ රජුගේ නාමයෙන් මම ඔබ හැම සමඟ ඔට්ටුවක් අල්ලන්නෙමි. මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. උන් පිට නැඟී යන්න ඔබට අසරුවන් සොයා ගත හැකි ද? Sinhala New Revised Version මාගේ ස්වාමියා වන අසිරියාවේ රජුගේ නාමයෙන් මම ඔබ හැම සමඟ ඔට්ටුවක් අල්ලන්නෙමි. මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. උන් පිට නැඟී යන්න ඔබට අසරුවන් සොයා ගත හැකි ද? Sinhala Revised Old Version ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට නුඹට පුළුවන් නම්, නුඹ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම නුඹට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. |
බෙන්-හදද් ද කතා කොට, “සමාරියේ දූවිලි මා පසුපස එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්න වත් මදිවන තරම් විශාල සෙනඟක් නාවොත්, දෙවිවරු මට ඉතා දරුණු ලෙස දඬුවම් කරත් වා”යි ඔහුට දන්වා ඇරියේ ය.
ඔහු ද කතා කොට, “ඔව්හු සාමදානය පිණිස පැමිණියෝ නම්, පණපිටින් අල්ලාගන්න. යුද්ධය පිණිස පැමිණියෝ නම්, එසේ වුණත්, පණපිටින් අල්ලාගන්නැ”යි කීවේ ය.
සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහිත්, රජ මැදුරේ ගබඩාවලත් තිබූ රන් රිදී සියල්ල ද භාජන සියල්ල ද ඇපකාරයන් ද රැගෙන ආපසු හැරී සමාරියට ගියේ ය.
හෙසකියා රජුගේ දහහතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ සෙනකෙරිබ් ජුදාහි රජවරුන්ගේ නගරවලට විරුද්ධ ව අවුත් ඒවා අල්ලාගත්තේ ය.
ඉතින් අශ්වයන් පිට නැඟී යන්නට අසරුවන් සොයන්නට ඔබට පුළුවන් නම්, ඔබ අසිරිය රජු වන මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.
ඉන්පසු ඔහු තමාගේ ප්‍රධාන නිලධාරියා වන රබ්-ෂාකේ මහත් සේනාවක් සමඟ ලාකීෂ් සිට ජෙරුසලමට යවා හෙසකියා රජුට යටත් වන ලෙස බලකරන්නට යයි නියම කෙළේ ය. ඔහු ගොස් අපුල්ලන්නාගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කාණුව ළඟ සිටියේ ය.
ඔහු තවදුරටත් කතා කරමින් මෙසේ කී ය: “ඔබ සමහරවිට, ‘අපේ දෙවි වන සමිඳාණන් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරමු’යි මට කියනවා ඇත. එහෙත්, එම දෙවි සමිඳාණන් වහන්සේගේ සිද්ධස්ථාන හා පූජාසන කඩා දැමුවේත්, එක ම පූජාසනයක් ඉදිරියේ නමස්කාර කරන්න ජුදාවේ හා ජෙරුසලමේ වැසියන්ට නියම කෙළේත් හෙසකියා රජු ම නොවේ ද?
එතරම් බැරි නම් රථ ද අසරුවන් ද ගැන මිසරය කෙරෙහි විශ්වාස කරගෙන ඔබ මාගේ ස්වාමියාගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුව ද පලවා හරින්නේ කෙසේ ද?