Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 36:8 - Sinhala Revised Old Version

8 ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට නුඹට පුළුවන් නම්, නුඹ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම නුඹට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මාගේ ස්වාමියා වන අසිරියාවේ රජුගේ නාමයෙන් මම ඔබ හැම සමඟ ඔට්ටුවක් අල්ලන්නෙමි. මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. උන් පිට නැඟී යන්න ඔබට අසරුවන් සොයා ගත හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මාගේ ස්වාමියා වන අසිරියාවේ රජුගේ නාමයෙන් මම ඔබ හැම සමඟ ඔට්ටුවක් අල්ලන්නෙමි. මම ඔබට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි. උන් පිට නැඟී යන්න ඔබට අසරුවන් සොයා ගත හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 36:8
13 හුවමාරු යොමු  

ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට නුඹට පුළුවන් නම්, නුඹ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇපදුන්නොත්, මම නුඹට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.


ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිත් රජගෙයි ගබඩාවලත් තිබුණු රන් රිදී සියල්ලද භාජන සියල්ලද ඇපකාරයන්ද රැගෙන, සමාරියට හැරී ගියේය.


ඔහුද: ඔවුන් සමාදානය පිණිස ආ නුමුත් පණපිටින් අල්වාගන්න, යුද්ධය පිණිස ආ නුමුත් පණපිටින් අල්වාගන්නැයි කීවේය.


බෙන්-හදද්ද: සමාරියේ ධූලි මා අනුව එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්ටවත් මදිවෙන තරම් මහත්වූ සෙනඟක් නාවොත් දෙවිවරු මටත් එසේමද ඊටත් වැඩියෙන්ද කෙරෙත්වයි ඔහුට කියා ඇරියේය.


හෙසකියා රජුගේ දහහතරවෙනි අවුරුද්දේදී අෂූර්හි රජවූ සෙනකෙරිබ් යූදාහි රජවරුන්ගේ නුවරවලට විරුද්ධව ඇවිත් ඒවා අල්වාගත්තේය.


අෂූර්හි රජ රබ්-ෂාකේ මහත් සේනාවක් සමඟ ලාකීෂ්හි සිට හෙසකියා රජු ළඟට යෙරුසලමට යැවීය. ඔහු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කානුව ළඟ සිටියේය.


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි අපි විශ්වාසකරමුයයි නුඹ සමහර විට මට කියනවා ඇත. නුමුත්: නුඹලා මේ පූජාසනය ඉදිරියෙහි නමස්කාරකළ යුතුයයි හෙසකියා යූදාවරුන්ටත් යෙරුසලමේ වැසියන්ටත් කියා පහකරදැමුවේ උන්වහන්සේගේ උස් තැන් හා පූජාසන නොවේද?


එසේ නුඹට බැරි නම්, රථද අසරුවන්ද ගැන මිසරය කෙරෙහි විශ්වාසකරගෙන නුඹ මාගේ ස්වාමිහුගේ සුළු සේවකයන්ගෙන් එක මුලාදෑනියෙකු වුවත් එළවා දමන්නේ කොහොමද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්