මන්ද, බිම වැගුරුණු වතුර එකතු කරගන්නට බැරි ලෙස අප මැරෙන්නට ම ඕනෑ ය; දෙවියන් වහන්සේ වුව ද, මළ මිනිසෙකුට නැවත පණ නොදෙන සේක. එහෙත්, පිටුවහල් කළ මිනිසෙකු ආපසු ගෙන ඒමට මඟක් රජ්ජුරුවන්ට සොයාගත හැකි ය.
යෙසායා 32:8 - Sinhala New Revised Version 2018 එහෙත්, යුක්ති ගරුක මිනිසා යුක්තිය අනුව ක්‍රියාකර යුක්තිය වෙනුවෙන් ස්ථිර ව සිටින්නේ ය. Sinhala New Revised Version එහෙත්, යුක්ති ගරුක මිනිසා යුක්තිය අනුව ක්‍රියාකර යුක්තිය වෙනුවෙන් ස්ථිර ව සිටින්නේ ය. විනිශ්චයය හා පුනරුත්ථාපනය Sinhala Revised Old Version එහෙත් ත්‍යාගවත් තැනැත්තා ත්‍යාගවත් දේ යෝජනාකරයි; ඔහු වනාහි ත්‍යාගවත් දේවලම යෙදී සිටියි. |
මන්ද, බිම වැගුරුණු වතුර එකතු කරගන්නට බැරි ලෙස අප මැරෙන්නට ම ඕනෑ ය; දෙවියන් වහන්සේ වුව ද, මළ මිනිසෙකුට නැවත පණ නොදෙන සේක. එහෙත්, පිටුවහල් කළ මිනිසෙකු ආපසු ගෙන ඒමට මඟක් රජ්ජුරුවන්ට සොයාගත හැකි ය.
ඔහු දිළිඳුන්ට නොමසුරු ව දෙන්නේ ය; ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය; ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේ ය.
එවිට පේදුරු පිටත් ව ඔවුන් සමඟ ගියේ ය. ඔහු පැමිණි කල, ඔව්හු උඩුමහලට ඔහු කැඳවාගෙන ගියහ. සියලු වැන්දඹුවෝ ඔහු වටා සිට හඬ හඬා, දොර්කස් ජීවත් ව සිටිය දී මැහූ කමිසත් කබාත් පෙන්වූ හ.
එනම්, බොහෝ දුක් පීඩා මැද ඔවුන් පරීක්ෂා කරනු ලැබූ නමුත්, ඔවුන්ගේ ප්‍රීතිය කෙතරම් අධික වී ද යත්, ඉතා දිළිඳු වුව ද, ඔවුන්ගේ ත්‍යාගශීලීවන්තකමින් ඔවුන් පොහොසත් වූ බව ය.