මිහි පිට වසන මිනිසාගෙන් තවත් බියක් ඇති නොවන පරිදි, අනාථයා හා පීඩිතයා සාධාරණ ලෙස විනිශ්චය කළ මැනව.
යෙසායා 29:20 - Sinhala New Revised Version 2018 ඒ දවස වනාහි බලහත්කාරකම් කරන, දෙවිඳුන්ට අපහාස කරන අයගේ අවසානය වේ. හැම පව්කාරයෙක් ම විනාශ කරනු ලබයි. Sinhala New Revised Version ඒ දවස වනාහි බලහත්කාරකම් කරන, දෙවිඳුන්ට අපහාස කරන අයගේ අවසානය වේ. හැම පව්කාරයෙක් ම විනාශ කරනු ලබයි. Sinhala Revised Old Version මක්නිසාද බලාත්කාරකම් කරන්නා පහවුණේය, නින්දාකරන්නා නැතිවී යයි, අයුතුකම්කරන්ට බලා සිටින සියල්ලෝද සිඳදමනු ලැබුවෝය. |
මිහි පිට වසන මිනිසාගෙන් තවත් බියක් ඇති නොවන පරිදි, අනාථයා හා පීඩිතයා සාධාරණ ලෙස විනිශ්චය කළ මැනව.
මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම් නිසාත්, දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම් නිසාත් දඬුවම් කරමි. උඩඟු අයගේ අහංකාරය නවත්වා, බලහත්කාරකම් කරන්නන්ගේ ආඩම්බරය පහකරන්නෙමි.
සමිඳුන්ගේ උදහසට ලක් ව සිටින අයට විරුද්ධ ව සටන් කරන පිණිස එතුමන්ට කැප වූ හේවායින්ට ද බලධාරීන්ට ද පැමිණෙන ලෙස අණ කර ඇත.
එහෙත්, එම්බා ජෙරුසලම! ඔබට පහර දෙන විදේශීන් සියලු දෙන දූවිල්ල මෙන් ගසාගෙන යනු ඇත; ඔවුන්ගේ භයානක හමුදා පිදුරු මෙන් පහ වී යනු ඇත.
සමිඳාණෝ මෙසේ පිළිතුරු දෙන සේක: “සැබැවින් ම බලවන්තයාගේ අතින් වහල්ලු මුදාගනු ලබන්නෝ ය. කෲරතර රජුගෙන් හිරකරුවෝ මුදාගනු ලබන්නෝ ය. නුඹට එදිරිවාදිකම් කරන අයට විරුද්ධ ව නුඹේ දරුවන් මුදාගන්නෙමි.
අහස විහිදුවා පොළොවේ අත්තිවාරම දැමූ නුඹලාගේ මැවුම්කාරයා අමතක කළහු ද? නුඹලා විනාශ කිරීමට අරමුණු කරගත් පීඩා කරන්නන්ගේ කෝපය නිසා නුඹලා දවස මුළුල්ලේ ම වෙවුළන්නේ කුමට ද? පීඩා කරන්නන්ගේ කෝපයෙන් නුඹලාට කිසි හානියක් නොවන්නේ ය.
යුක්ති සහගත නඩු කියන, අවංක සිතින් උසාවියට යන කෙනෙක් නැත. ඔව්හු නිරර්ථක පැමිණිලි විශ්වාස කොට බොරු කියන්නෝ ය. නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහි කරන්නෝ ය. පොළොං බිජු රකින සේ,
සිය යහන්වල වැතිර, නපුරු උපා හිතන මතන අයට වන විපතක මහත! පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔව්හු ඒවා කරති.
ඒ නිසා සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලා පිට එවැනි විපත්ති පමුණුවන්නට යෝජනා කරන්නේ මම ය. නුඹලාට බේරෙන්න නොහැකි වන්නේ ය. නුඹලාට උඩඟුකමින් හැසිරෙන්න නොහැකි වන්නේ ය. මන්ද, එය නුඹලාට නපුරු කාලයක් වනු ඇත.
හෙරොද් තමාගේ සෙබළුන් සමඟ උන් වහන්සේ හෙළා දකිමින් සරදම් කොට, විචිත්‍ර වස්ත්‍රයක් හඳවා, උන් වහන්සේ පිලාත් වෙත පෙරළා යැවී ය.
සෙනඟ ද බලාගෙන සිටියහ. ප්‍රධානීහු උන් වහන්සේට ගැරහුම් කරමින්, “මොහු අනුන් ගැළවීය; මොහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් නම්, උන් වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම්, තමා ම ගළවා ගනීවා”යි කී හ.
එවිට විනයධරයෝ ද පරිසිවරු ද උන් වහන්සේට විරුද්ධ ව චෝදනාවක් එල්ල කරන අටියෙන් උන් වහන්සේ සබත් දිනයේ දී සුව කරනු ඇද්දැ යි බලමින් සිටියහ.
ඉන්පසු ස්වර්ගයෙහි මෙසේ කියන මහ හඬක් මට ඇසිණි; එනම්, “අපේ දෙවියන් වහන්සේගේ ගැළවීම ද බලය ද රාජ්‍යය ද ස්වකීය ක්‍රිස්තුන් වහන්සේගේ අධිපතිකම ද දැන් පැමිණ ඇත. මන්ද, අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවා රෑ දෙක්හි අපගේ සහෝදරයන්ට චෝදනා කරන පැමිණිලිකාරයා පහතට හෙළන ලදි.