යෙසායා 27:5 - Sinhala New Revised Version 2018 එයට දෙන ආරක්ෂාවට ගරුකර, මා සමඟ සාමය ඇති කරගනිත් වා! මා සමඟ සාමය ඇති කරගනිත් වා!” Sinhala New Revised Version එයට දෙන ආරක්ෂාවට ගරුකර, මා සමඟ සාමය ඇති කරගනිත් වා! මා සමඟ සාමය ඇති කරගනිත් වා!” Sinhala Revised Old Version නැතහොත් ඔහු මාගේ ශක්තිය අල්වාගෙන මා සමඟ සමාදාන වේවා; එසේය, ඔහු මා සමඟ සමාදාන වේවා. |
බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.”
දුගී අසරණ අයට ඔබ රැකවරණය වූ සේක; කම්කටොලු ඇති කාලවල දී ඔවුන්ට බලකොටුවක් වූ සේක; කුණාටුවේ දී ආරක්ෂාවත්, තද ග්‍රීෂ්මයේ දී සෙවණත් ඔබ ඔවුන්ට දුන් සේක.
මාගේ සේවකයාට වඩා බිහිරි වූ වෙන කිසිවෙක් සිටිත් ද? මට කැප වූ, සමිඳුන්ගේ මෙහෙකරුවා තරම් අන්ධ කිසිවෙක් ඇද් ද?
මා තුළින් පමණක් ශක්තිය හා දැහැමිකම ඇති වේ යයි ඔවුන් කියනු ඇත. මට විරුද්ධ ව නැඟිටින අය නින්දා දුක් විඳිනු ඇත.
මේ දේ කරන, එහි නිරත ව සිටින, සබත් දවස පවත්වන, එය නොකෙලසන, නපුර කිරීමෙන් වැළකී සිටින මිනිසා, මැරෙන සුලු මිනිසා, භාග්‍යවන්ත ය.”
ළඟ හෝ දුර හෝ වේ වා, සියලු දෙනාට, ‘ශාන්ති වේ වා! ශාන්ති වේ වා! මම ඔවුන්ට සුවය දෙමි’යි සමිඳාණන් වන මම කියමි.
ඔබට යාච්ඤා කරන කිසිවෙක් නැත. ඔබේ පිහිට සොයන කිසිවෙක් නැත; මන්ද, ඔබේ වත සඟවාගෙන අපේ පව් නිසා අපට අපරාධයන්ට ගොදුරු වීමට ඔබ ඉඩ හැර ඇත.
“අහෝ! ජෙරුසලම, දිවැසිවරයන් නසන, තී වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙන්, තිගේ දරු කැල එක්රැස් කරගන්නට මම කී වරක් කැමැති වීම් ද? එහෙත් ඔබ කැමැති වූයේ නැත.
එසේ කළ නොහැකි නම්, ඔහු ඒ රජ දුර සිටිය දී ම, රාජ දූතයන් යවා, සාම ගිවිසුමක් ඉල්ලා සිටිනු ඇත.
“අහෝ, ඔබට ශාන්තිය සලසන දේ ගැන මේ උදාර දිනයේ දී වත් ඔබ දැන සිටියා නම්! එහෙත් එසේ නො වී ය, එය ඔබේ දෙනෙතින් සැඟවී ඇත.
මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි වෙනස් කළ නොහැකි පොරොන්දුව ද දිවිරීම ද යන කරුණු දෙකක් ඇත. ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කරගැනීමට, ආරක්ෂාව සොයා පැමිණි අපට මහත් ධෛර්යයක් ලැබී ඇත.
එවිට ගිබියොන්හි සෙනඟ කතා කොට, “ඔබේ දාසයන් අත් නොහළ මැනව; අප වෙත ඉක්මනින් අවුත්, අප ගළවා අපට උපකාර කළ මැනව. මන්ද, කඳුකරයේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධ ව එකතු වී සිටිති”යි ගිල්ගාල්හි කඳවුරේ සිටි ජෝෂුවාට දන්වා යැවූ හ: