“එබැවින් සමිඳාණන් වහන්සේ ඔබේ මේ දිවැසිවරුන්ගේ මුඛවල මුසාවාදී ආත්මයක් තැබූ සේක. සමිඳාණන් වහන්සේ ඔබ ගැන අසුබ දෙයක් කියා තිබේ.”
යෙසායා 19:14 - Sinhala New Revised Version 2018 සමිඳුන් ඔවුන් වියවුල් කරවන ව්‍යාකූලත්වයක් නගරය තුළ බිහිකර ඇත. ඒ හේතුවෙන් මිසරය හැම වැරදි දෙයක් ම කරයි. සුරා සොඬෙකු තමාගේ ම වමනය මත ලිස්සා යන්නාක් මෙන් මිසරය ඒ මේ අත වැනි වැනී යයි, Sinhala New Revised Version සමිඳුන් ඔවුන් වියවුල් කරවන ව්‍යාකූලත්වයක් නගරය තුළ බිහිකර ඇත. ඒ හේතුවෙන් මිසරය හැම වැරදි දෙයක් ම කරයි. සුරා සොඬෙකු තමාගේ ම වමනය මත ලිස්සා යන්නාක් මෙන් මිසරය ඒ මේ අත වැනි වැනී යයි, Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ එහි මැද විකල් ආත්මයක් ආරූඪ කළසේක. ඔව්හුද බේබද්දෙක් තමාගේ වමනයකිරීමේදී මුළාවෙන්නාක්මෙන් මිසරවරුන් ඔවුන්ගේ සියලු ක්‍රියාවලදී මුළාකෙරෙවුවෝය. |
“එබැවින් සමිඳාණන් වහන්සේ ඔබේ මේ දිවැසිවරුන්ගේ මුඛවල මුසාවාදී ආත්මයක් තැබූ සේක. සමිඳාණන් වහන්සේ ඔබ ගැන අසුබ දෙයක් කියා තිබේ.”
ඔව්හු එළියක් නැති දැඩි අඳුරෙහි අතපතගාමින් ඇවිදිති; වෙරි මතින් වැනි වැනි ගමන් කරන බේබද්දන් මෙන් යති.
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම මිසර දේශය තුළම රටවැසියන් අතර ම යුද්ධයක් හටගන්වන්නෙමි. එකිනෙකා තම තමාගේ සහෝදරයාටත්, තම තමාගේ අසල්වැසියාටත් විරුද්ධ ව පොළඹවන්නෙමි. නුවරක් නුවරකටත්, රජෙකු රජෙකුටත් විරුද්ධ ව සටන් කරනු ඇත.
පොළොව බේබද්දෙකු මෙන් වැනෙමින්, කුණාටුවකට අසු වූ පැල්පතක් මෙන් සැලෙමින් පවතින්නේ ය. පොළොව පාපයෙන් බර වී ඇත. එය කිසි කලක ගොඩගන්නට බැරි වන ලෙස බිඳී වැටෙන්නේ ය.
එබැවින් ඔවුන් නොපැතූ අරුමපුදුම දේ මම කරන්නෙමි; ඔවුන්ගේ ඥානවන්තයන්ගේ තේරුම්ගැනීමේ ශක්තිය නැති වී යන්නේ ය; ඔවුන්ගේ උගත්තු නූගත්තු වන්නෝ ය.”
මුදල් ණයට දෙන්නෝ මාගේ සෙනඟට හිරිහැර කරති; අයුතු පොළී ගන්නෝ ඔවුන් රවටති; දරුවෝ වැඩිහිටියන්ට හිරිහැර කරති; ස්ත්‍රීහු පාලනය තම අතට ගනිති. මාගේ ජනයෙනි, ඔබේ නායකයෝ ඔබ මුළා කරති; යා යුතු මඟ අවුල් කරති.
එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ ඔවුන්ට කතා කොට, ‘නුඹලා බීමත් වී වමනය කොට, මා විසින් නුඹලා අතරට එවනු ලබන යුද්ධය නිසා වැටී නොනැඟිට සිටින්නැ යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේකැ’යි කියන්න.
සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “ස්වාමීන් වන මට විරුද්ධ ව මෝවබ් තමන් උසස් ලෙස සිතූ නිසා, ඔහු වෙරිමත් වූ මිනිසෙකු මෙන් වේ වා! ඔහු සිය වමනයෙහි පෙරළෙමින් සරදමට ලක් වේ වා!
ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “අහෝ! ඇදහිල්ල නොමැති හිතුවක්කාර පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.
ඔවුන් අසත්‍ය දේ විශ්වාස කරන පිණිස, ඔවුන් තුළ ක්‍රියා කිරීමට දෙවියන් වහන්සේ මුළාවේ බලය එවන සේක.
ඉන්පසු අබිමෙලෙක් සහ ෂෙකෙම් වැසියන් අතරේ විරුද්ධවාදිකමක් දෙවියන් වහන්සේ ඇති කළ සේක. ෂෙකෙම් වැසියෝ අබිමෙලෙක්ට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය.