යෙසායා 10:19 - Sinhala New Revised Version 2018 ඉතිරි වන්නේ, ළමයෙකුට වුව ද ගණන් කළ හැකි ගස් ස්වල්පයක් පමණකි.” Sinhala New Revised Version ඉතිරි වන්නේ, ළමයෙකුට වුව ද ගණන් කළ හැකි ගස් ස්වල්පයක් පමණකි.” Sinhala Revised Old Version ඔහුගේ වනයේ ඉතිරි ගස්වල ගණන ළමයෙකුට ලියන්ට පුළුවන් ලෙස ස්වල්ප වෙයි. |
දුනුවායෝ කේදාර්හි සිටින සෙනඟ අතරෙන් ඉතා නිර්භීත අය වෙති. එහෙත්, ඔවුන්ගෙන් ඉතිරි වන්නෝ ඉතා ස්වල්ප දෙනෙක් පමණි. ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ පවසන්නෙමි.”
ඒ රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහර දුන්නේ ය. එළිවන විට ඔව්හු සියල්ලෝ ම මළකඳන් වූ හ.
එහෙත්, නුඹලාගෙන් ස්වල්ප දෙනෙක් මරණයෙන් ගැළවී, මිසරයෙන් හැරී ආපසු ජුදාවට පැමිණෙති. එවිට ජුදාවෙන් මිසර දේශයට පැමිණි සෙනඟගෙන් ඉතිරි ව සිටින අය, ස්ථිර වූයේ ඔවුන් කී දේ ද මා කී දේ ද කියා දැනගනු ඇත.