ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෙසායා 1:6 - Sinhala New Revised Version 2018

හිස් මුදුන සිට යටි පතුල දක්වා කිසිම නිරෝගී තැනක් ඔබට නැත. තුවාළවලින් ද තැළීම්වලින් ද පැසවන වණවලින් ද ඔබේ සිරුර පිරී ඇත. ඔබේ තුවාළ සෝදා බැඳ නැත; ඒවාට බෙහෙත් තෙල් දමා නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

හිස් මුදුන සිට යටි පතුල දක්වා කිසිම නිරෝගී තැනක් ඔබට නැත. තුවාළවලින් ද තැළීම්වලින් ද පැසවන වණවලින් ද ඔබේ සිරුර පිරී ඇත. ඔබේ තුවාළ සෝදා බැඳ නැත; ඒවාට බෙහෙත් තෙල් දමා නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පතුලේ සිට හිස දක්වා කොයි තැනකවත් කිසි සනීපයක් නැතුව තුවාලද කැලල්ද පැසවන වණද තිබේ. ඒවා මිරිකා ඇරියේවත් බැන්දේවත් තෙල් ගා මොළොක්කළේවත් නැත.

පරිච්ඡේදය බලන්න



යෙසායා 1:6
20 හුවමාරු යොමු  

අබ්සලොම් මෙන් රූප ශෝභාව ගැන ප්‍රශංසා කටයුතු කෙනෙක් මුළු ඉශ්රායෙල්හි නො‍සිටියේ ය. පතුල පටන් හිස් මුදුන දක්වා ඔහුට කිසි කැළලක් නො‍ වී ය.


තුවාළ කරන්නේත් එතුමාණෝ ය; තුවාළ බඳින්නේත් එතුමාණෝ ය; වේදනාව ඇති වන්නේත් එතුමන්ගේ අතින් ය; සුවය ලැබෙන්නේත් එතුමන්ගේ ම අතින් ය.


විපත්ති කාලයේ දී මම මාගේ සමිඳුන්ට යදිමි. මුළු රැය ම එතුමාණෝ වෙත දෑත ඔසවා යැදුම් යදිමි. එහෙත්, මට සැනසුම සොයාගත නොහැකි ය.


සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට පහර දීමෙන් ඇතිකළ තුවාළ බැඳ සුව කරන දවසේ දී හඳ එළිය ඉර එළිය මෙන් ද, ඉර එළිය සත් ගුණයකින් වැඩි වී සත් දවසක එළිය එක් වූවාක් මෙන් ද බැබළෙන්නේ ය.


අන් කිසිවකට වඩා සිත කපටි ය, හැම අතින් ම එය දූෂණය වී ඇත; එය තේරුම්ගත හැක්කේ කාට ද?


සමිඳාණන් වහන්සේ සිය සෙනඟට මෙසේ වදාරන සේක: “නුඹලාගේ තුවාළ අසාධ්‍ය ය; නුඹලා විඳින වේදනාව ඉතා දරුණු ය.


“නුඹලාගේ තුවාළ ගැන කොඳුරන්නේ කුමට ද? නුඹලාගේ වේදනාව සුව කළ නොහැකි ය. මා නුඹලාට මෙසේ දඬුවම් කෙළේ, නුඹලාගේ අපරාධයේ බරපතලකම නිසාත්, පාප ක්‍රියා බහුල නිසාත් ය.


එහෙත්, මේ නගරයට මම සුව සෙත ගෙන දෙන්නෙමි. මම සෙනඟ සුවපත් කොට, සාමයෙන්, සුරක්ෂිතතාවෙන් ඔවුන්ට ප්‍රීතිය පෙන්වන්නෙමි.


තුවාළයකට මතුපිටින් පිළියම් කරන සේ සාමය නැති විට පවා ඔව්හු, ‘සාමය, සාමය’ කියමින් මාගේ සෙනඟ සනසති.


ළිඳකින් වතුර උනන සේ ජෙරුසලමෙන් නපුරුකම උනන්නේ ය. තාඩන පීඩන ගැන ආරංචි ඇසෙන්නේ ය; රෝගත්, තුවාළත් මට නිතර ම දක්නට ලැබේ.


නුඹේ තුවාළවලට පිළියමක් නැත; නුඹේ තුවාළ අසාධ්‍ය ය. නුඹේ මේ පුවත අසන සියල්ලෝ නුඹේ වැටීම ගැන අත්පොළසන් දෙති. මන්ද, නුඹේ දරුණු දුෂ්ටකමෙන් බේරුණ කෙනෙක් ඇද් ද?”


එහෙත්, මාගේ නාමයට ගරුබිය දක්වමින්, ජීවත්වන නුඹලාට ධර්මිෂ්ඨකම නමැති සූර්යයා සිය රැස්වල සුවසහනය ඇති ව උදාවන්නේ ය. ගාලෙන් පිට වී දුව පැන යන වහු පැටවුන් මෙන් නුඹලා ප්‍රීති වන්නහු ය.


උන් වහන්සේ ඒ අසා ඔවුන්ට කතා කොට, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත.


ඔහු වෙතට ගොස්, තෙල් හා මිදියුස ගල්වා, තුවාළ බැඳ, තමාගේ ම මෘගයා පිට හිඳුවා, තානායමට ගෙන ගොස් ඔහු බලාගත්තේ ය.