මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොදත් විජාතිකයන් එහි නියම වූ දේ සහජයෙන් ම පිළිපදින විට, ඔවුන් ඒ ව්‍යවස්ථාව නොදත් නමුත්, ඔවුන්ගේ සිත ම ඔවුන්ට නීතිය වී ඇත.
යූද් 1:10 - Sinhala New Revised Version 2018 එහෙත් මොවුහු තමන්ට නොතේරෙන කොයි දේටත් නින්දා කරති. සිහි කල්පනා නැති තිරිසනුන් මෙන් ඔවුන්ට සහජයෙන් ම තේරුම් යන දේ ඔවුන්ගේ විනාශයට හේතුවේ. Sinhala New Revised Version එහෙත් මොවුහු තමන්ට නොතේරෙන කොයි දේටත් නින්දා කරති. සිහි කල්පනා නැති තිරිසනුන් මෙන් ඔවුන්ට සහජයෙන් ම තේරුම් යන දේ ඔවුන්ගේ විනාශයට හේතුවේ. සිංහල කාලීන පරිවර්තනය එහෙත් මොවුහු තමනට නො වැටහෙන හැම දේට අපහාස කරති. සිහිමොලේ නැති තිරිසනුන්ට මෙන් සහජයෙන් ඔවුනට වැටහෙන දෑවලින් ඔවුන් විනාශ කර දැමේ. Sinhala Revised Old Version නුමුත් මොව්හු තමුන් නොදන්නා කොයි දේටත් නින්දාකරති. නුවණ නැති තිරිසනුන් ලෙස ජම්මගතියෙන් ඔවුන්ට තේරෙන මේ දේවලින් තුමූම විනාශකරනු ලබන්නෝය. |
මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොදත් විජාතිකයන් එහි නියම වූ දේ සහජයෙන් ම පිළිපදින විට, ඔවුන් ඒ ව්‍යවස්ථාව නොදත් නමුත්, ඔවුන්ගේ සිත ම ඔවුන්ට නීතිය වී ඇත.
ඔවුන්ගේ අවසානය විනාශය වේ; ඔවුන්ගේ දෙවියෝ මාංසික තෘෂ්ණාවෝ වෙති; ලජ්ජා විය යුතු දේ ගැන ඔව්හු පාරට්ටු කර ගනිති; ඔවුන්ගේ කල්පනාව මෙලෝ දේ ගැන පමණ ය.
එහෙත් අල්ලාගෙන විනාශ කරනු ලැබීමට උපන් නුවණ නැති තිරිසනුන් වැනි මොවුහු, තමන් නොදන්නා දෙයට අපහාස කරති. ඔව්හු වන මෘගයන් මෙන් විනාශ කරනු ලබති.