එහෙත්, ‘නුඹ කෙරෙහි මම ප්‍රසන්න නොවෙමි’යි උන් වහන්සේ වදාරන සේක් නම්, මම මෙහි ය; උන් වහන්සේ කැමැති ලෙස මට කරන සේක් වා”යි කී ය.
යාකොබ් 4:7 - Sinhala New Revised Version 2018 ඒ නිසා දෙවියන් වහන්සේට යටහත් ව සිටින්න; යක්ෂයාට විරුද්ධ ව සිටින්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත. Sinhala New Revised Version ඒ නිසා දෙවියන් වහන්සේට යටහත් ව සිටින්න; යක්ෂයාට විරුද්ධ ව සිටින්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත. සිංහල කාලීන පරිවර්තනය එබැවින් දෙවියන්වහන්සේට යටත් වන්න; යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත. Sinhala Revised Old Version එබැවින් දෙවියන්වහන්සේට යටත්ව සිටින්න; නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න, එවිට ඔහු නුඹලා වෙතින් පලායනවා ඇත. |
එහෙත්, ‘නුඹ කෙරෙහි මම ප්‍රසන්න නොවෙමි’යි උන් වහන්සේ වදාරන සේක් නම්, මම මෙහි ය; උන් වහන්සේ කැමැති ලෙස මට කරන සේක් වා”යි කී ය.
ඉතින් ඔබේ පියවරුන් මෙන් ඔබ මුරණ්ඩු නොවී සමිඳාණන් වහන්සේට ගිවිසුම් දී, උන් වහන්සේ සදහට ම පවිත්‍ර කළ උන් වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුළු වී උන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙන් පහවන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට වන්දනා නමස්කාර කරන්න.
“මම කිසිත් නැති ව මව් කුසින් ආවෙමි; කිසිත් නැති ව පෙරළා යන්නෙමි. සමිඳාණෝ දුන් සේක; සමිඳාණෝ ගත් සේක; සමිඳුන් නමට ගරු පැසසුම් වේ වා.”
දෙවි තුමන්ට මෙලෙස කියන්න: “ඔබේ ක්‍රියා කොපමණ බියජනක ද? ඔබේ බලපරාක්‍රමය අතිමහත් ය. එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය.
රජවරුන් යටහත් වී රිදී පඬුරු ගෙනෙන තෙක්, බට ගස් අතර සිටින වන සතා වන මිසරයට ද ඔහුගේ පැටවුන් සහිත වන ගව රැළ වන විජාතීන්ට ද තරවටු කළ මැනව. සටනට ලැදි වන සියලු සෙනඟ විසුරුවා හැරිය මැනව.
රජුට හා මවු බිසවට කතා කරමින්, “කිරුළු හිසින් ගිලිහී වැටී ඇති නිසා සිහසුනින් බැස පහතට එන්නැ”යි සමිඳාණෝ වදාළ සේක.
මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.
දමිටු බවට පැමිණීමේ මාර්ගය නොදත් ඔව්හු, තමන්ගේ ම මාර්ගයක් සලසාගැනීමට ප්‍රයත්න දරමින් දමිටු කරනු ලැබීමට යටත් නොවූ හ.
තවද: “මා ජීවත් ව සිටින බව සැබෑ වන්නා සේ ම, හැම දෙනා ම මට දණ නමනු ඇත, හැම දෙනා ම මා දෙවියන් වහන්සේ බව ප්‍රකාශ කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත.
එබැවින් නපුරු දවස පැමිණි විට ඊට විරුද්ධ ව සිටින්න පුළුවන් වන පිණිසත්, කළහැකි හැම දෙයක් ම කර, ස්ථිර ව සිටින්න පුළුවන් වන පිණිසත්, දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ ව සිටින්න.
තවද අප හික්ම වූ මාංසික පියවරුන්ට අපි ගරුබුහුමන් කරමු නම් ඊට බොහෝ වැඩියෙන් අප ආත්මික පියාණන් වහන්සේට අවනත ව ජීවත් විය යුතු නොවේ ද?
අතිශ්‍රේෂ්ඨ බලය ඇති රජුට වේවා, අපරාධකරුවන්ට දඬුවම් දීම පිණිසත්, යහපත කරන්නන්ට ප්‍රශංසා කිරීම පිණිසත් රජු විසින් එවන ලද ආණ්ඩුකාරයන්ට වේවා,
එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයෙහි දී ඔබ උසස් කරනු පිණිස උන් වහන්සේගේ බලවත් හස්තයට යටත් වන්න.
එවිට සාමුවෙල් කිසිවක් නොසඟවා සියල්ල ම ඔහුට කීවේ ය. ඒ ඇසූ ඒලී, “උන් වහන්සේ සමිඳාණන් වහන්සේ ය; උන් වහන්සේ යහපත් ය; උන් වහන්සේට යහපත් යැයි සිතෙන දේ කරන සේක් වා”යි පැවසී ය.