ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මීකා 7:16 - Sinhala New Revised Version 2018

ජාතීන් එය දැක, ඔවුන් කොතෙක් බලවත් ව සිටියත්, ලජ්ජාවට පත් වනු ඇත. අතින් කට වසාගනු ඇත; එයින් කන් බිහිරි වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජාතීන් එය දැක, ඔවුන් කොතෙක් බලවත් ව සිටියත්, ලජ්ජාවට පත් වනු ඇත. අතින් කට වසාගනු ඇත; එයින් කන් බිහිරි වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ජාතීන් දැක තමුන්ගේ මුළු බලවන්තකම ගැන ලජ්ජාවට පත්ව, අතින් කට වසාගන්නවා ඇත, ඔවුන්ගේ කන් බිහිරි වෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න



මීකා 7:16
17 හුවමාරු යොමු  

මට සවන් දෙන්න; එවිට ඔබ විස්මිත ව, දෑතින් කට වසාගෙන නිහඬ වනු නියත ය.


“සමිඳුනි, මම අනුවණ ලෙස කතා කෙළෙමි. ඔබට කුමන පිළිතුරක් දෙන්නෙම් ද? මම කට පියා නිහඬ වන්නෙමි.


එවිට අපි සිනාවෙන් ඉපිලී ගියෙමු; ප්‍රීතියෙන් ගී ගායනා කෙළෙමු. එවිට, “සමිඳාණෝ මොවුන් උදෙසා ඉමහත් දේ කළ සේකැ”යි විජාතීහු කියන්නට ගත්හ.


නුඹ මෝඩකමින් උඩඟු වී නපුරු බස් දොඩන්න පෙළෙඹෙන විට කට පියාගෙන නිහඬ වන්න.


ඔවුන්ට දඬුවම් කිරීමට ඔබේ හස්තය එසවී ඇත. එහෙත්, ඔව්හු ඒ බව නොදනිති. සමිඳුනි, ඔවුන් ලජ්ජාවට පමුණුවා ඔවුන් දුකට පත් කළ මැනව. ඔබ අදහස් කළ දඬුවමින් ඔව්හු දුක් විඳිත් වා! ඔබේ සෙනඟට ඔබ කෙතරම් ප්‍රේම කරන සේක් දැ යි ඔවුන්ට පෙන්වුව මැනව.


දැන් නම්, ජාතීහු එතුමාණන් දැක මවිතයට පත් වෙති. රජවරු විස්මයෙන් විස්මයට පත් ව නිහඬ ව සිටිති. ඉහත දී ඔවුන්ට නොදැන්වූ දෙයක් දැන් ඔව්හු දනිති. කිසි කලක නොඇසූ දෙයක් දැන් ඔව්හු තේරුම්ගනිති.


ඔවුන්ගේ ක්‍රියා හා සිතුවිලි මම දනිමි. විවිධ භාෂා කතා කරන සියලු ජාතීන් එක් රැස් කිරීමට මම පැමිණෙන්නෙමි. ඔවුන් රැස් වූ කල මාගේ තේජාලංකාරය කුමක් දැ යි ඔවුන්ට පෙනෙනු ඇත.


මෙසේ මම ශ්‍රේෂ්ඨත්වය ද විශුද්ධත්වය ද පෙන්වා, මා සමිඳාණන් වහන්සේ බව බොහෝ විජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශ වන්නෙමි.”


බොරු දිවැසිවරයා ලජ්ජාවෙන් ද පේන කියන්නා වියවුලෙන් ද මුහුණ වසාගත්තේ ය; ඔවුන් බලාපොරොත්තු වන පිළිතුර දෙවියන් වහන්සේගෙන් නොලැබෙන නිසා ඔව්හු කටවල් වසාගන්නෝ ය.


ජාකොබ්ගේ වංශයේ ඉතිරි අය බොහෝ සෙනඟ වන ජාතීන් අතරේ වනයේ සැරිසරන සිංහයෙකු මෙන් ද බැටළු ගාල් අතරේ සිංහ පැටියෙකු මෙන් ද වන්නෝ ය. ඔව්හු යන විට ගොදුරු පිට කඩා පැන, කෑලි කෑලිවලට ඉරා දමන්නෝ ය. බේරාගන්න කිසිවෙක් නොවන්නේ ය.


රාජ්‍යයන්ගේ සිහසුන් පෙරළාදමා, ජාතීන්ගේ ආණ්ඩු බලය නැති කරන්නෙමි. මම රථ සහ ඒවායේ නැඟී යන්නන් පෙරළා දමන්නෙමි, අශ්වයන් මරන්නෙමි. උන් පිට යන්නෝ එකිනෙකා තම තමා කඩුවෙන් මරාගනිති.’


ඒ කාලයේ දී මම ජෙරුසලමට පහර දෙන්න උත්සාහ කරන හැම ජාතියක් ම විනාශ කරන්නෙමි.”


ඉදින් ව්‍යවස්ථාවෙහි කියන ලද සියල්ල ම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියන ලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන් වහන්සේගේ විනිශ්චයට යටත් කරනු ලබන පිණිසත් ය.


මනුෂ්‍ය ජාතීහු කෝපාවිෂ්ට වූ හ. ඔබගේ උදහස ද මළවුන් විනිශ්චය කිරීමේ කාලය ද දැන් පැමිණ තිබේ. ඔබගේ සේවක දිවැසිවරයන්ට හා සැදැහැවතුන්ට ද ඔබගේ නාමයට භය වන ලොකු කුඩා සියල්ලන්ට ද විපාක දීමටත් පොළොව වනසන්නන් වැනසීමටත් කාලය පැමිණ තිබේ.”